
(විමුක්ති එස් රුද්‍රිගු)
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය රාජ්‍ය සහකාර ලේකම් කෙලී කීඩර්ලින්,එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ආසියාව සඳහා වන භාණ්ඩාගාරය බාර නියෝජ්‍ය ලේකම් රොබර්ට් කැප්‍රෝත් යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ සමගි ජන බලවේගයේ නායකයන් අතර හමුවක් පැවැත්විණ.
ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන අර්බුදය සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දකින ආකාරය පිළිබඳව එම හමුවේදී අදහස් විමසා ඇතැයි පැවැසෙයි. මෙම හමුව පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී රටක විනිවිදභාවය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීමට විපක්ෂය ඉතා වැදගත් කාර්ය භාර්යයක් ඉටු කරන බව ප්‍රකාශ කළාය.
මෙම හමුවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස,ඉරාන් වික්‍රමරත්න,ආචාර්ය හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බවෙලා මොනවා කතා කළාද කියන එක තමයි දැනගන්න ඕනේ. දැන් තාත්තා නැතිවෙලා හුඟක් කල් නේද? අම්මා සනීපෙන්ද? දැන් මෙහාට වැස්ස වගේ නේද?
මෙන්න මේ පරිවර්තනය තමයි දැන් අපේ රටට අවශ්‍ය.. පොළවේ පය ගහලා ඉන්න සජිත්ට ජයවේවා...! ඇමෙරිකාවට ස්තූති වේවා..!
සජිත් මහත්තයාගේ ඉංග්‍රීසි සුද්දන්ට තේරුණාද මන්දා?