(ඩයනා උදයංගනී සහ යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට පසුගිය මාසයේ පැමිණි ඇමෙරිකානු දූත පිරිස සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි තොරතුරු නිලධාරී වෙත ලිපියක් යොමු කර ඇත.
මන්ත්‍රීවරයා තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම තොරතුරු ඉල්ලා ඇත.
ඇමෙරිකානු දූත පිරිසක් සී 17 - ග්ලෝබ්මාස්ටර් ගුවන් යානා දෙකකින් ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු දූත පිරිස නියෝජනය කළ අයගේ නම් මොනවාද?, එලෙස පැමිණි පිරිස අතර ඇමෙරිකානු එක්සත් ජනපදයේ මධ්‍යම බුද්ධි නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ විලියම් බර්න්ස් සිටියේද? එකී පැමිණි පිරිසේ ගමන් බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් පරීක්‍ෂා කළේද?, එම බලපත්‍ර ආගමන විගමන නිලධාරීන් විසින් මුද්‍රා තැබුවේද?, ඔවුන්ගේ ගමන් මළු රේගු පරීක්‍ෂාවට ලක්කළාද?, ඔවුන් රට තුළට පැමිණියේ සාමාන්‍ය මගී පර්යන්තයෙන්ද? ප්‍රභූ පර්යන්තයෙන්ද? විශේෂ ප්‍රභූ පර්යන්තයෙන්ද?, එම පිරිස ආගමන විගමන නිලධාරීන්ගේ සහ රේගු නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක්නොකරන ලෙස යම් පුද්ගලයකු උපදෙස් දුන්නාද, එසේ නම් එම උපදෙස් දුන්නේ කවුද? යනුවෙන් ගම්මන්පිල මහතා තොරතුරු ඉල්ලා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය අනිවාර්යයි!
මූත් රට වලපල්ලට තල්ලු කරන්න යහමින් දායක වුන එකෙක් .දැන් එනවා සුදනා වෙන්න
අපිටත් ආසයි ඒ සම්බන්ධව දැන ගන්න
බය වෙන්න එපා. ඔතන ඕස්ට්‍රේලියන් කාරයෝ හිටියේ නැහැ. බ්‍රයන් ෂැඩොක් ඔයා හොරකම් කරපු සල්ලි අත හැර දාලා හුඟක් කල්.
අපි දේසපාලනේ කරන්නේ චීන සල්ලිවලින්. ඉතින් ඒගොල්ල එක කරපන්, මේක කරපන් කිව්වහම අපි නොකර කොහොමද?