IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඇමරිකා තීරු බදු ගැන දෙවැනි වටයේ සාකච්ඡා ඇරැඹෙයි

(අංජුල මහික වීරරත්න)

ඇමරිකා තීරු බදු සම්බන්ධයෙන් වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන දෙවැනි සාකච්ඡා වටය සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස  සහභාගී වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා නියෝජිත පිරිස වොෂින්ටන් ඩීසීහි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ මෙලෙස සාකච්ඡා පවත්වා ඇත.

ශ්‍රී ලංකා නියෝජිත පිරිස එහි ගියේ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුවයි. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ අඛණ්ඩ උත්සාහය අරමුණු කරගත් දෙවන පුද්ගල මට්ටමේ රැස්වීම මෙය වේ.

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ අදාළ නිලධාරීන් අතර පැවැත්වූ මාර්ගගත සාකච්ඡා වට කිහිපයකින් පසුව මෙම පුද්ගල මට්ටමේ හමුවට අවශ්‍ය පසුබිම සකස් වූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

වත්මන් ආර්ථික ප්‍රමුඛතා සැලකිල්ලට ගනිමින්, වෙළෙඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා නව අවස්ථා සොයා බැලීම හා ශ්‍රී ලංකාවට හිතකර ප්‍රතිඵල ලබා ගැනීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබේ.

 



අදහස් (1)

ඇමරිකා තීරු බදු ගැන දෙවැනි වටයේ සාකච්ඡා ඇරැඹෙයි

ravin Thursday, 29 May 2025 08:51 AM

අනේ මන්ද! ප්‍රසිද්ධ ඉංග්‍රීසි මාධ්‍ය තුළින් නම් දැක්කා, ඇමරිකානුවන් වාණිජ අධිකරණයක් ජනපති ට්‍රම්ප්ගේ එම නියෝගය තාවකාලිකව අත්හිටුවූ බව.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 577 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 725 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site