(සුජිත් හේවාජුලිගේ )
කැබිනට් ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ඇමැතිවරුන්ට රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ අවසරයකින් තොරව හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීම නතර කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
මේ සම්බන්ධයෙන් අප ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන් විජේසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඉන්ධන ප්‍රශ්නය ඇතුළු හේතු කාරණා ගණනාවක් පදනම් කරගෙන එම තීරණයට පැමිණි බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා අගමැතිවරයා සහ විදේශීය රාජ්‍ය නායකයන්ගේ සංචාර සඳහා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ලබාදීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බැඳී සිටින බවද හෙතෙම සඳහන් කළේය.
කැබිනට් හා කැබිනට් නොවන ඇමැතිවරුන්ට හෙලිකොප්ටර් හෝ ගුවන් යානා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙයට පෙර සපයනු ලැබීය.
මේ අතර හිටපු ඇමැතිවරුන් ගණනාවක් ඔවුන්ගේ ගුවන් සංචාර වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයවිය යුතු රුපියල් කෝටියකට වැඩි මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදලුත් ගෙවන්නේ නැතිව ගුවන් යානාවලින් ගොසින් කළ නස්පැත්තිය හොඳටම ඇති. අද ජනතාව විඳවන්නේ මේ අයගේ පව් තමයි..
රට වැටෙන්නට හේතු කාරණා දැන්දැන් ඉතා හොඳින් පැහැදිලි වෙමින් පවතිනවා නොවේද?
ජනාධිපතිතුමා හරි, අගමැතිතුමා හරි කතාකරලා කිව්වොත් නොදී ඉන්නද? ඕවා ඉතින් කතාවල් විතරයි. පුළුවන් නම් කාර්මික දෝෂ තියෙන ඒවා විතරක් ලබාදෙන්න.
කැඩිච්ච යානා උඩට ගිහින් බිමට අතාරින්න බැරිද?
මෙයාලට යන්න වෙන්නෙත් උඩින් විතරයි...!
රට අන්තිමට වට්ටලා දැන් බොරුවට ජනතාව රවට්ටන්න වියදම් අඩුකරනවා කියලා පෙන්වනවා... මේ රට වැට්ටුවේ බොරු කොරෝනාවක් අල්ලන් රට වහපු සහ ඒවාට අනුබල දීපු සෙට් එක.අපේ තිබුණ ඔක්කොම ඩොලර් දීලා බොරු වැක්සීන් සහ මැෂින් ඇතුළු උපකරණ ගෙනැල්ලා අන්තිමට එයාලගෙන්ම ණයකුත් ඉල්ලනවා. ඕක තමයි රටවල් යටත් කරගැනීමේ අලුත්ම ක්‍රමය...
උඩින් පුළුවන් තරම් රවුම් ගහලා ගුවන් හමුදාවට පොලු තියන්න ඇති .
ඉහළම ඇවරියේ නෝනලාට, කුමාරවරුන්ට මේ තහනම බලපාන්නේ නැද්ද?
ගොන් කරත්ත දෙන්න ඕනෑ.
මේක මහ අපරාධයක්. ඇමැති නෝනලාට, දුවලට උඩදාගෙන ගන්න තිබුණු දේ..
මිනිස්සු ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවන්නේ ගුවන් යානා වල සවාරි ගහන්න නෙවෙයි. ඡන්දයෙන් පත්වුණානම් ඔය නාස්තිය අත්හිටුවන්න. මෙහෙ ජනතාව බඩගින්නේ... ඔය නාස්ති මුදල් දුප්පත් දරුවන්ට කිරි වීදුරුවක් දෙන්න යොදන්න...