
(යොහාන් භාසුර)
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට විරෝධ දක්වමින් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙක් අද (29) සමුළුවක් පවත්වමින් ආණ්ඩුව දැඩි දෝෂදර්ශනයට ලක් කළහ.
ජනහිතවාදී හෙටක් උදෙසා ‘මහජන මන්ත්‍රණ සභාව’ නමින් පිටකෝට්ටේ සෝලීස් ශාලාටෙව්දී පැවැති මෙම සමුළුවට ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක නායකයෝ සහභාගි වූහ.
මෙම සමුළුවට ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන කැබිනට් අමාත්‍යවරු පෙරමුණ ගැනීම කැපී පෙනුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි, ටිරාන් අලස්, ජාතික කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ඒ. එල්. එම් අතවුල්ලා, ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස විතාරණ, ගෙවිඳු කුමාරතුංග සහ ලංකා කොමියුනිට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥා වෛද්‍ය ජී. වීරසිංහ යන මහත්රු මෙම සමුළුවට සහභාගි වූහ.
පක්‍ෂ නායකයන් සමුළු ශාලාවේ ප්‍රධාන මේසයේ අසුන් ගෙන සිටි අතර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.
ඕමාරේ කාස්සප අනුනාහිමි, කැලණි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරත්න හිමි, මැදගොඩ අභයතිස්ස හිමි, ලංකා කොමියුනිට් පක්‍ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩීයූ ගුණසේකර සහ සිවිල් සමාජ ක්‍රියාකාරික ආචාර්ය ගුණාදාස අමරසේකර යන මහත්වරු, විදුලිබල ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරාකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
එහිදී අමාත්‍යවරුන් වන විමල් වීරවිංශ සහ උදය ගම්පන්පිල යන මහත්වරු පැවසුවේ කැබිනට් ඇමති ධුර පිළිබඳව කිසිඳු තැකීමක් නොකර එම ඇමති තනතුරු අහිමිවුවද රටට අහිතකර ගිවිසුම අහෝසි කරන තෙක් සටන අත්නොහරින බවයි.
අමාත්‍ය විමල් වීරවංශ එහිදී පැවසුවේ යුගදනවි එල්.එන්.ජී. බලාගාරය සම්බන්ධ ගිවිසුම කැබිනට් මණ්ඩලයේ නියමිත ආකාරයට සාකච්ඡා නොකළ හොර රහසේ සම්මත කළ ගිවිසුමක් බවයි.
(ඡායාරූපය: රොමේෂ් ධනුෂ්ක සිල්වා)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පෙන්වනවා,... දවල් මිගෙල්..., රෑ දැනියෙල්,..
ප්ලේන්ටියේ කුණාටුව...
ඇමතියෝ තිදෙනාම දැන් ලගාවී තිබෙන්නේ තුන්මං හන්දියකටය... මොකද කියන්නේ "කාපට් දාපු" රනිල් හයිවේ මාවතේ යනවාද...? නොඑසේ නම් අලුතෙන් තාර දාන උගත්, මෝඩ පුතාණෝ මාවතේ යනවාද...? නැත්නම් සුසාන භූමි හරහා ඉදිවෙමින් පවතින දියව් දියව් ගොන්කුමාර මාවතේ යනවද? මොන මාවතේ ගියත් දැන් හොරා කනවා වගේම හොරා කන්න පුළුවන්. ඉතින් මොකද කියන්නේ ගල් ආඳෝ තුන්දෙනා...?
මේ නැට්ටුවෝ මීට පෙර තෙල් මැතිරීම්, දෙහිකැපීම් අත්තගහ මැතිරීම් කීපයක් කළා. අන්තිමේ යක්ෂයා ආරූඪ වුණාම නැට්ට පස්ස කකුල් දෙක අස්සේ ගහගෙන අනුකම්පා හිතුණා කියමින් ආපසු ගියා... කාටකාටත් මතක ඇතිනේ. මෙවර බලියක් අරිනවා කිව්වාට වෙන්නේ පැරණි නාඩගම තමයි... බලා ඉන්නකෝ වෙන්නේ මොකද කියලා...
පාරට බහින්න නම් එපා... ජනතාව ඇමැතිවරු එනකම් බලාගෙන ඉන්නේ...
ඔය කරන්නේ අමු රඟපෑමක්. දැන් මේ ආපහු කරන්නේ නැගෙනහිර ජැටි නාටකයයි. නැගෙනහිර ජැටිය විකුණනවා ගිරිය පුප්පගෙන කෑ ගැහුවාට.., බටහිර ජැටිය විකුණද්දී එක දේශප්‍රේමියෙක් බෙහෙතකට හොයා ගන්න හිටියේ නෑ. මේ සෙට් එක තඹ සතයකට විශ්වාස කළ නොහැකි දේශපාලන අනාථයින් පිරිසක්. රාජපක්ෂ සරමට මුවාවෙලා ඉන්න හින්දා ගොඩ යනවා මිසක්, තනි තනිව ඉල්ලුවා නම් දේශපාලනිකව අනාථ වෙලා ගොඩක් කල්..
මේක රාජපක්ෂ රජ පවුලේ ආණ්ඩුව බව දැන්වත් තේරුම් ගන්නේ නම් මැනවි. මේ වනවිට ඔබ සැම චීත්ත රෙදි අදින අයගේ තත්ත්වයට පත්වීම ඇත්තටම කණගාටුයි. මහරජවරුන් ගැන විශේෂයෙන් විමල් වීරවංශ කළ ප්‍රකාශ නිසා ලී ක්වාන් යූ, මහතීර් වැනි නායකයන්ට අපහස කිරීමක් සිදුවි ඇති බවක් මේ මොහොතේ අපට සිතේ. අද ඔබලා ජනතාව ඉදිරියේ කරන ප්‍රකාශ හෙට රජවරුන් ඉදිරියේ සංවේදී වීමට ඉඩ ඇති නිසා ජනතාව මොවුන් ගැන විශ්වාස නොකිරීමට වගබලා ගත යුතුය
කවුද බල ශක්ති ඇමති .එයාට හොරෙන් කොහොමද මේ ගිවිසුම අත්ස කලේ ?කවුද .මේ 10% ද ?
රවීන්ද්‍ර රටට දේශපාලන වෙනසක් අවශ්‍යනම් ජනතාව අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතු වේ .රටේ ජනතාව ඔවුන් විසින්ම රටට නැවුම් වෙනසක් ලබාගත යුතුව ඇත .එය කල හැකි වන්නේ ඔවුන්ටම පමණයි .එසේ නැතහොත් දුෂිත කණ්ඩායම් යලිත් රජ කරනවා ඇත
මෙදා පාර ඔලුවෙන් හිටගෙන කීවත් ජනතාව රැවටෙන් නෑ
මේ හැමදෙනාම බල්ලගේ ශරීරයේ එල්ලී ලේ උරාබොන කිනිතුල්ලෝ. බල්ලගෙන් වෙන්වූ විගස නිශ්චිතවම විනාශය අත් වෙනවා. මොවුන්ව නොසලකා හැර තීරන ගැණීමෙන් ආත්ම අභිමානයට ඇතිවූ කැලැල වසා ගැනීමේ උත්සාහයක් පමනයි මේ. හැමදෙනා සමගම සාකච්චා කරල හැමටම කොමිස් ලැබෙන හැම යෝජනාවකටම එකගවීමට මේ හොර නඩය සැදී පැහැදී සිටිනවා.මගෙ කනස්සල්ල ගුණදාස අමරසේකර මහතා ගැන පමනයි.ඉතාමත් අවන්ක විශිස්ට සාහිත්‍ය කරුවෙක් වන එතුමා තමන්ගේ හිතට විරුද්දව විස්වාසකල දේශමාමක රාජපක්ශ මිත්‍යාවෙන් දුරස්වන ලකුනු පහලවී තිබේ. එහෙත් මෙතෙක් කල් එතුමා කල ක්‍රියාදාමයෙන් සිදුවූ හානිය අසීමිතයි. එයා කිසිදා අමතක කල හැකිනොවේ.පිලිසකර කල හැකි නොවේ.
ඔන්න දැන් අත්හැරලා දාපු නඩු කටයුතු අපහු පනගහලා ඒවි
ඩිනර් එකකට ගිහින්, පහුවැනිදා කියයි ද දන්නේ නෑ... "නෑ ඒ ගිවිසුම බොහොම හොඳයි" කියලා. කම්මුල් රතු කරගෙන. දන්නේ නැද්ද ..ඩාන් ගානවා ...ඩීන් ගානවා ...කම්මුල් ඉදිමෙනවා.
කවුරුත් කලබල වෙන්න එපා මේ පොඩි සංදර්ශනයක් විතරයි. අයවැයට ඉස්සෙල්ල මේ කට්ටිය ආයිත් නැවට ගොඩවෙනව.
මීට වඩා අවාසිදායක ගිවිසුම් චීනය එක්ක ගහන වෙලාවට මේ කට්ටිය නිහඬයි. මොකද දන්නේ නැහැ.
කටු සූප්පු කළා ඇති කියලා හිතුණාද? 20 වෙනි සංශෝධනය ඔයිට වඩා බරපතල වැඩක් වෙලා තියෙද්දීත් ඒකට අත ඉස්සුවා... ද්විත්ව පුර්වැසියන්ව ගෙනාවොත් විරුද්ධ වෙනවා කිව්වා ඒත් ඇමරිකාවෙන් ගොඩ බැහැලා මුදල් ඇමතිකමේ දිවුරුම් දෙනකොට මීක් නැතුව හිටියා විතරක් නෙවෙයි දොහොත් මුදුනින් පිළිගත්තා. ඒවට විරුද්ධ වුණු අයටත් පුළුවන් තරම් අවලාද නැගුවා මඩ ගැහුවා. දැන් සුදනෝ වෙන්න හදනවා. ඕක විතරක් නෙවෙයි ආණ්ඩුව මෙතෙක් කරපු හැම වැඩක්ම ජනතා ද්‍රෝහී ක්‍රියා. නීති විරෝධී ගැසට් නම් කීයක් ගැහුවාද? මිනීමරුවන්ට සමාව දුන්නා. ඒවට සද්ද නැතුව ඉඳලා මේකට විතරක් එළියට බැහැලා. දැන් ගොඩක් පරක්කුයි. මහා බරපතල විනාශයන් සිද්ද වෙලා ඉවරයි. 69 ලක්ෂයේ ජනතාව පවා ඒවට විරුද්ධ වුනේ තමුන්ලා විරුද්ධ වෙන්න බොහෝ කාලෙකට කලින්. හැබැයි දැන්වත් මේ කරන දේ අවංකව සද්භාවයෙන් කරන දෙයක් නම් කුජීත වුණා නම හදාගන්න පුළුවන් වෙයි. ජනතාවගේ පිළිකුල යම් තරමකට අඩු කර ගන්න පුළුවන් වෙයි. ඒත් රැවටිල්ලක් නම් කරන්නේ ඉතිහාසයේ කුණු කූඩේටම යයි...
අති බහුතරයක් ජනතාවගේ බලාපොරොත්තුව රටට වෙනසකි. දූෂිතයින් සමග රට ඉදිරියට ගෙනයනවාට වඩා රටට වෙනසක් ලබාදීම වෙනුවෙන් අවංක තරුණ කණ්ඩායමකට අවස්ථාව ලබාදීමට වර්තමාන ජනාධිපතිවරයාටත් මූලිකත්වය ගත හැකියි. එවැනි ජනතා ඉල්ලීමක් සහ බලාපොරොත්තුවක් සඳහා ජනාධිපතිවරයා අවංකවම මැදිහත් වුවහොත් එය ඔහු රට වෙනුවෙන් කරන බලවත් කැප කිරීමකි. එය සියලු ශ්‍රී ලාංකිකයන් අගය කරනු ඇත. දුෂිත, අන්තවාදී කණඩායම් සමග රට දියුණු කිරීමට නොහැකි බව මේ වනවිට ජනාධිපතිවරයාටද තේරුම් ගොස් ඇති බවක් පෙනෙන්නට තිබේ.
චන්දෙට කලින් මේ මිනිස්සුන්ගේ හැසිරීම් ගැන කියපු සියල්ල බොරු කිව්වේ මේ මිනිස්සුමයි .රට බේරගත්ත වීරයා කියලා ප්‍රමෝට් කලේ .අද රටම කාලා විනාශ මුඛයට තල්ලු කරමින් ඉන්නවා විතරක් නෙවෙයි පල් හොරු මිනීමරුවෝ නිදහස් කරමින් ඉන්නවා
මෙතන මේ අයගේ හැසිරීමේ කතාවට වඩා රජය හොරෙන් කරන්න යන ක්‍රියාව ගැන මුළු මහත් ජාතියම විමසිල්ලෙන් සෙවිය යුතුයි. ගිවිසුම ජනතාවට වහාම ඉදිරිපත් කල යුතුයි. මොකද මේ ගොල්ලෝ සැප විඳලා යන්න ගියාට පස්සේ ඊළඟ පරම්පරාවේ දරුවන්ට කර කියා ගන්න දෙයක් නැතුව යනවා. ආරංචි විදියට නම් මහ විනාසකාරි තීරණයක්.
මෙම ඇමතිවරු ඇත්තටම යමක් වටහා ගත් අය. විමල් ජවිපෙ අතහැර දැමුවේ එහි ඉදිරි මාවත ගැන තේරුම් ගත් නිසා. අමතක නොකළ යුත්තක් තමා බිංදුව ට වැටුන ජවිපෙ ඉහළ ට ගත්තේ එයා බව. දැන් ජවිපෙ ධනපති පන්තියට හේත්තු වෙලා. විමල් මැද මාවතෙන් යනව. එයාගෙ සමාජවාදය බාගෙට ඉවත් කරගෙන . උදය තමා හෙළ උරුමය ට පණ දුන්නේ . හැබැයි වාසුදේව ගෙ සමාජවාදී අදහස් තවම තිබෙනවා . දැනට ඉන්න ඇමතිවරු අතර මෙයාල රට ගැන තරමක් දුරට වත් හිතන අය.
රවීන්ද්‍ර ඔබ තුමා හිතන විදියට මිනිස්සුන්ට කාටවත් හේත්තු වෙන්න බැහැ .මොකද දන්නවද මේ විදියට තමුන්ගේ ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවට වැඩක් කරන්න දෙන්නේ නැතිනම් මොන නායකයද කැමති මේ මිනිස්සු එක්ක ආණ්ඩුවක් කරන්න. සජිත් එක්ක හේත්තු උනත් සජිත්ට වැඩක් කරන්න දෙන්නේ නැහැ .රනිල් එක්ක එකතුවෙලා රනිල්ට වැඩක් කරන්න දෙන්නේ නැතිනම් මේ මිනිස්සුන්ගෙන් වැඩක් තියනවද ?
මේ තුන්දෙනා ආණ්ඩුවෙන් යන එක හොඳා. මෙයාල ගෝඨාභය ජනපතිතුමාට හිස රදයක්. තනියම චන්දෙ අරන් ජිවිතෙට පාර්ලිමන්ට් එන්න බෑ.
දැනටත් මේ රැල රට උගස් තියලා ඉවරයි. මේ ගොල්ලෝ මේ විරෝධයා කියලා පාරට බහිනවා නෙමෙයි. මේ තක්කඩි ඔක්කෝම 20 දින ඒ වෙලාවේ අත් උස්සලා, විදේශ පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඇතුල් වෙන්නත්, ව්‍යවස්ථා වෙනස් කරන්නත් අත් දෙකම උස්සලා අසීමිත බලයක් දීලා රට නීතියක් නැති තැනට ගෙනැල්ලා මුළු රටම ඉවර කලා. දැන් එනවා මෙතන රටේ මිනිස්සුන්ව ගොනාට අන්දන්න...
එන පොට හොඳ නැති බව වටහාගෙන ජනතාවගේ ඇඟේ එල්ලෙන්න මේ හදන්නේ... මේ අයට එළව එළවා ගහන්න ඕනේ...
අනේ ලංකාවේ ඉන්න ගොන්බයි පොල් මෝල්ලු ටික මේ රඟපෑමට අහු නොවේවා..!!! මොවුන් ටික රඟලා රඟලා ගේන්න හදන ඊගාව තීන්ත ගාපු නරියාට නොරැවටේවා..!!!
නාට්ටි නාට්ටි දෙයියෝ අමු නාට්ටි... තව වෙන මොනවද?!!! මේ නාට්ටිම අපි දැක්කා 20 වෙනි සංශෝධනය වෙලාවේ, නැගෙනහිර ජැටිය විකුණන්න යන වෙලාවේත්. හැබැයි දේශප්‍රේමියන් මීක් නෑ බටහිර ජැටිය විකුණද්දී... දැන් මේ නාට්ටිය ඇවිල්ලා පොහොර ප්‍රශ්නය සහ ගොවීන්ගේ නැගිටීම වෙනතකට හරවන්න ගහන උප්පරවැට්ටියක්. මේ ඔක්කොම ඇවිල්ලා දේශපාලන අනාථයින්. සාටකේ නැත්තම් ඇපත් නෑ. මේ කෑ ගැහිල්ලත් රාජපක්ෂ කොන්ට්‍රැක්ට් එකක්....
පස්ස හරෝපු අයගේ පිටිපස්ස රිදෙන්න ගහනවා කියන අය පස්සේ සංවේදී වෙනවා. ඕවා දාන්න රාජ්‍ය නාට්‍ය උළෙලට...
මෙච්චර දවස් නැට්ට අස්සේ ගහගෙන හිටිය විමලා රැල්ල දැකලා ෆෝම් වෙලා..
මේක තනිකරම බොරු රඟපෑමක්. ආණ්ඩුවට විරුද්ධව නැගෙන රැල්ල නවත්තන්න කරන මගඩියක්. හැබැයි සජී මෝඩ වුණත් එයා ආවා නම් රටට මෙච්චර විනාශයක් නොවෙන්න තිබුණා..
නාට්‍ය බලන්න ඇවිත් ඉන්න කට්ටිය දැක්කාම තේරෙනවා අධ්‍යක්‍ෂක කවුද කියලා...? මේ කරන්නේ ඩීල් එකයි ඒකට විරෝධතාවයි දෙකම එකම තැනකින් සංවිධානය කරන එක. එතකොට ඩීල් එකට විරුද්ධව වෙනත් පාර්ශවයන් හඬ නගන එක නවතිනවා. එතකොට මේ විරෝධතාකරුවන් සමගම රජය සාකච්ඡා කරලා බොරු එකඟතාවයකට ඇවිල්ලා අන්තිමේදී අවශ්‍ය විදියට ගේම ගහනවා. බටහිර ජැටියට කළේත් මේකමයි...
'බැසිල්ට එරෙහිව බැසිල්' නාටකය...
රටේ ජනතාවගේ මතකය හොඳ නම්, මේ සෙට් එක ගැන සතපහක විශ්වාසයක් තැබිය යුතු නැහැ. වේදිකාවල ඇතිතරම් පට්ටපල් බේගල් ඇද බාලා, ජනතාව ගොනාට අන්දවා, ජාතිවාදය, ආගම්වාදය ගිනි අවුලුවා අන්තිමට 2/3 ත් අරන්දීලා තමයි, දැන් මේ සටන පටන් ගත්තේ. කරන්න ඕනෑ ඔක්කොම කරලා දැන් මොනවා කියන්නද ජනතාවට..?. නැව ගිලෙන්නට යන විට ගෙඹි රැල තම පැවැත්ම සුරක්ෂිත කරගන්න වෙනත් පැත්තකට පනින්න හදනවා. එසේ නැතිව මේ අයට රට ගැන, ජනතාව ගැන ඔයහැටි රුදාවක් නැහැ. මේ උත්සාහය තම පැවැත්ම සඳහාම පමණයි.
ඉන්පසු අගමැති සමග පවත්වන හමුවීමෙන් පසු හැඟීම්බර වන මොවුන් අගමැතිගේ ඉල්ලීම් මත හැඟීම්බර වී බලාගාරය ඇමරිකානු සමාගමකට පැවරීම සාධාරණය කරනු ඇත. නාටකය ඉන් සමාප්තයි.
නාට්‍ය විතරයි...
මොකද විමලෝ....මේ පාර වුණේ?
හා. අපි රැවටුණා...
20 වෙනි සංශෝධනයට අත උස්සල බැසිල්ට පාර්ලිමේන්තු එන්න පාර හැදුවේ කවුද?
මේ අය මේ නටන්නේ අවසාන නැටුමයි. 20 සංශෝධනය ගේන කොටත් මේ නැටුම නටලා අත්දෙකම උස්සලා සර් ඕකේ... කිව්වා. මේ අය හිතන්නේ හැමදාම මේ ගේම ගෙනියන්න පුළුවන් කියලා...
මෙයාලට ගහන්න ඕනේ ඇඹුල් පොල්පිතිවලින්, හොර තක්කඩි....
මොකක්ද නාට්‍යයේ නම...? 2022 ද ටීවී වල පෙන්වන්නේ...?
නාට්‍යයේ පිටපත සම්පූර්ණ වෙන්න කොහෙ හරි බෝම්බයකුත් පුපුරල අහිංසක මිනිස්සු ටිකකුත් මැරුණනම් තමයි හරි...එකක් නම් එහෙම කරල ගොඩ දාගත්තනෙ.
විමලෝ විමලෝ.. බරටම විමලෝ උපවාසෙත් විමලෝ... හෙමිහිට හෙමිහිට ගහමුද රජයට අපි ඔක්කොම විමලෝ... නෙළුවා නෙළුවා බරටම නෙළුවා අපි නවතමු විමලෝ ... හෙමිහිට හෙමිහිට අප ගොස් එල්ලෙමු සාටකයේ විමලෝ ... ඔන්න චන්දෙකුත් ආවා... පොහොට්ටුවෙන් අපි ආවා ... දිනලා දිනලා ආයෙත් දිනලා මැති සබයට යමුකෝ...!!!
මේවා නම් මල කෝලම් කියන්න පුළුවන් .අනුන්ගේ පක්ෂ වල චන්දෙන් ගොඩ ගිහින් නැවත නැට්ටක එල්ලෙන්න තමා හදන්නේ
රැවටෙන්න එපා රටම පාවා දුන් පට්ට හොරු රැල
ජනතාව නොමග යවන නාට්‍යයේ කොටසක්
මේ තමයි නාඩගම්කරයෝ-2 හොඳට බලාගෙන ඉන්න.
නරි නාටක
ආසනේ වෙනුවෙන් සාසනේ කෑ අතන මෙතනත් ඉන්නවා.