
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් විදුලි සහ ජල පාරිභෝගිකයන්ට බිල් ගෙවීමට සහන කාලයක් ලබාදෙන බව පැවසුව ද බිල් නොගෙවීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල විදුලිය සහ ජල සැපයුම විසන්දි කරන බව පාරිභෝගිකයෝ පවසති.
විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පසුගියදා පැවසුවේ හිඟ බිල්පත් ගෙවීමට වසර කාලයක් ලබාදෙන බවයි. ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා තිබුණේ ජල පාරිභෝගිකයන්ට සහනයක් ලබාදෙන බවත් ජල සැපයුම විසන්දි නොකරන බවත්ය.
එසේ වුවද විදුලිබල මණ්ඩලය, ලංකා පෞද්ගලික විදුලි සමාගම සහ ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල විදුලිය සහ ජල සැපයුම විසන්දි කරමින් සිටින බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්පාරෙත් ජලය සහ විදුලිය විසන්දි කරනවා. මේක ලොකු අසාධාරණයක්. විදුලිය විසන්ධි කර නැවත සම්බන්ධතාවය දී රුපියල් 3000 ක් වැඩියෙන් ගෙවන්නත් කියනවා. මේකට ක්‍රියාමාර්ගයක් ගන්න.