(සුජිත් හේවාජුලිගේ )

නව අමාත්‍යාංශය බාරගත්තේ රට මේ මොහොතේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

අමාත්‍යාංශයක් බාරගත්තේ ඇමැති ධුරයකට ඇති ගිජුකම නිසා නොවේ යැයි පැවසූ බණ්ඩාර මහතා තමා ගත් තීරණය නිවැරදි බව ජනතාව ඉදිරියේදී පවසනු ඇතැයිද  ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශය තුළ දූෂණ වංචා වලට ඉඩ නොතබන බවද ඔහු කීවේය.