
(අජන්ත කුමාර අගලකඩ)
පවතින වියළි කාලගුණික තත්වය හමුවේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බැවින් ,පෞද්ගලික විදුලි බලාගාර දෙකක ගිවිසුම් කාලය දීර්ඝ කළ යුතු යැයි විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතා රජයට යෝජනා කර ඇත .
ඒ සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඇමතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ .
මෙගා වොට් 100 ක ධාරිතාවකින් යුත් ඒස් පවර් මාතර තාප බලාගාරයේ සහ මෙගාවොට් 20 ක ධාරිතාවකින් යුත් ඒස් පවර් ඇඹිලිපිටිය අප බලාගාරයේ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් මෙසේ දීර්ඝ කිරීමට යෝජනා වී තිබේ.
මේ අතර, උපරිම විදුලි ඉල්ලුමක් පවතින කාලසීමාව වන ප ව 6 .00 සිට රාත්‍රී 10.00 දක්වා තරගකාරී මිලට විදුලිය මිලදී ගැනීමටත් තමන් විසින් ඉන්ධන සපයා ගැනීමේ පදනම මත ක්ෂණිකව සේවා සැපයිය හැකි රජයේ සහ පෞද්ගලික ආයතවලින් මිල ගණන් කැඳවීමටත් ඇමතිවරයා රජයෙන් අවසර ඉල්ලා ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදින අප හිගමනේ යවන නයට ගන්න තෙල් වලින් විදුලි උත්පාදනයකරන ක්‍රමය ගැනම කතා නොකොට සහ ප්‍රශ්නයට පොරෝප්ප ගහගහ තමන් නොදත් විෂයක ඇමතිකම හොබවන නිසාම හෙයින් කාවත් සතුටු කරන්නට විහිලු කතා කිය කිය පත්තරේට ඔබතුමාගේ පින්තුරෙ වැටෙන එක නවත්තල, 365ස් දවස් කාලයටම අපරටට හිරු එලිය ඇතිහෙයින් සූර්ය විදුලි උත්පාදන හෝ රටවටා ඇති මුහුදේ රැලිවලින් උත්පාදනයකරගත හැකි විදුලිය ගැන ව්‍යාපෘති මෙරට ඇතිකළ හැකි ඉංජිනේරුවන්ට ඔය පුටුව බාර දී කියන ස්ථානයකට වදින්නම් අනේ අප මතු පරපුර වෙනුවෙන් දැන් විශ්‍රාම ගන්න.
කල්ල මරේ නේද?
ඔන්න විදුලි අර්බුදය කියන එකේ නියම බළලා මල්ලෙන් එළියට පැන්නා...
යන්න ඉන්න ගමනට හිතාගෙන ගමන් වියදම් සෙව්වට කරන හොඳ දේවල් මිස කොමිස් කුට්ටිවගේ කිසිම දෙයක් ගෙනියන්න ලැබෙන්නේ නැහැ...
ලොරි ටෝක් දීලා අන්තිමට ජරාවට යටවුණා. පුද්ගලික වුණත් ඒ බලාගාර හදන්න රටේ ඩොලර් නේද වියදම් කරලා තියෙන්නේ... ඒත් ජාතික ධනය තමයි...
හැංගි, හැංගි වෙස් බැන්දේ ඕකට තමයි.
ඉතින් ඕකටනේ ඔච්චර දත කෑවේ...!
ඔව්, මිල ගණන් කැඳවලා කොමිස් එක වැඩියෙන්ම දෙන කෙනාට දෙන්න. කබ්රාල්ට කියන්න ඉක්මණට තව සල්ලි අච්චු ගහන්න කියලා. පව්, රටට ගිය කලක්. මේ වගේ මැට්ටන්ට ඡන්දය දීපු අය දැන්වත් පියවි සිහියට එන්න.