(රොමේෂ් මධුෂංක)
යුද සමයේ කොටි ත්‍රස්තවාදීන් වළ දැමූ බවට සැකකර මුලතිව් පුදුකුඩිඉරිපුප් ප්‍රදේශයේ අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කැනීම් නැවත අද ආරම්භ කළ බව පුදුකුඩුඉරිප්පු පොලිසිය කියයි.
අමාත්‍යංශ ලේකම්වරුන් විසින් ගොඩගැනීමට උත්සහ ගත් ස්ථානය මෙසේ කැනීම් ආරම්භ කළ බව ද පොලිසිය පවසයි.
මුලතිව් මහෙස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතාගේ අධීක්ෂණයන් ග්‍රාම නිලධාරීවරුන්ගේ සහභාගීත්වයෙන් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේද සහයෙන් කැනීම් කටයුතු ඊයේ ආරම්භ කළ අතර පස්කපන යන්ත්‍රවලින් අඩි පහක පමණ වලවල් දෙකක් ඊයේ කැපුවද එහි හිස් බැරලයක් පමණක් තිබී හමු විය.
වරින් වර වර්ෂාව ඇදහැලීමත්, ජලය ඉවත් කිරීමට අපහසුවීම නිසා හේතුවෙන් අදාල ස්ථානයට සහ අවට ප්‍රදේශයට පූර්ණ පොලිස් ආරක්ෂාව යොදවා අද දිනය දක්වා කැනීම් කටයුතු කල් දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් පැහැදිලි වෙන එක දෙයක් තමයි ඇමැතිලා කියන්නේත්, ඇමැති ලේකම්ලා කියන්නේත් පට්ටම හොරු කියලා.. මේ දෙතුන් ගොල්ලන්ම එකතුවෙලා තමයි මේ රට ඉතියෝපියාවටත් වඩා අන්ත තත්වයකට පත් කරලා තියෙන්නේ...
ඕවා කලින්ම සුද්ද කළා, ඔයින් ටිකක් තඹ මිශ්‍රකරලා සඳගිරි සෑයට දැම්මා. අනිත් වැඩි කොටස මැදමුලනේ...!
ඕවා මීට කලින් කවුරු අරගෙනද? නැත්නම් කොහොමද හිස් බැරලයක් හමුවෙන්නේ?