(ඉන්දිකා රාමනායක)
පිළියන්දල, ගම්මානවත්ත ප්‍රදේශයේ දී බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරු ඝාතන කිරීමේ සිද්ධිය තවත් සැකකරුවෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකට විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පාසල් සිසුවෙක් බවත් මෙවර උසස් පොළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින්නෙකු බවද පොලිසිය කියයි.
සිද්ධිය වු දින මොහු යතුරු පැදියෙන් එම ස්ථානයට ගොස් මෙම ඝාතනය සිද්ධියට සම්බන්ධ වුවෙක් බවට තොරතුරු හෙළි වී ඇති බව පොලිසිය කියයි.
මොහු සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ඔහුගේ මව , පියා, සොහොයුරා ඇතුලු පස් දෙනකෙු අත්අඩංගුවට ගෙන ඇති අතර , තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චේතනාන්විතව කළ ඝාතනයක් වගේ පේන්නේ...