(අජන්ත කුමාර අගලකඩ)
දේශපාලන පොර පිටියේ මහත් ආන්දෝලනයක් ඇතිකළ, අමාත්‍ය සරත් වීරසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩී ජගත් කුමාර මහතා අතර ගැටුම මේ වන විට සමථයකට පත් වී තිබෙන බව වාර්තා වේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඔවුන් දෙදෙනා සමග සාකච්ඡා කිරීමත්, ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුන් ඊට මැදිහත්වීමත් මත ඔවුන් දෙදෙනා සමථයකට පත් වී ඇතැයි දැනගන්නට තිබේ.
එ අනුව ඔවුන් දෙදෙනා මින් ඉදිරියට මාධ්‍ය හමු පවත්වා, එකිනෙකා විවේචනය කර නොගැනීමට ද එකගතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.
පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා මාරු කිරීම මුල් කරගනිමින් සරත් වීරසේකර, ගාමිණි ලොකුගේ සහ ජගත් කුමාර යන තිදෙනා අතර මෙම ගැටුම ආරම්භ වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමයේ දෑත් දිගු කරමින් අපි අපේ වැඩ ටික "ශේප් න්‍යායෙන්" කරගමු මල්ලියේ. මක්කටෙයි අපි දෙන්නා "අපේ අං පටලවා ගන්නේ"....
මම කලින් කිව්වේ මේක වෙයි කියලා. මේ ඔක්කොම යාලුවෝ මල්ලි.
මේවා ඔක්කොම සංදර්ශන විතරයි.
ලංකාවේ දේශපාලකයින් ඔක්කොම කරන්නේ සංදර්ශන . එජාප, පොහොට්ටු, සමගි, ශ්‍රී ලංකා කියලා වෙනසක් නෑ. ඔක්කොම කරන්නේ මහජනයා ගොනාට අන්දන එක..
රන්ජන් රාමනායක හිතෝපදේශය-උන් ඔක්කොම යාලුවෝ මල්ලි !
ජනතාවට සංදර්ශන. මාධ්‍යයට ජනතාවට දෙන්න ආතල්. නමුත් රට කරවන අයගේ ප්‍රතිපත්ති හා ක්‍රියා මාර්ග එසේමය.