
(සුජිත් හේවාජුලිගේ)
සමහර ඇමැති බංගලාවල වටිනා කොටස් ගලවාගෙන ගොස් ඇති බව පෙනී යන්නේ යැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇමැති බංගලා රැසක් කැලෑ වැදී ජරාවාස වී ඇතැයිද අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
කාලයක් තිස්සේ පාවිච්චි නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇත.මේ අතර ඇමති බංගලා අතුරින් කිහිපයක් පාවිච්චියට ගත නොහැකි අන්දමට අබ ලන්ව ඇතැයි අමාත්‍යාංශය පවසයි.
පාවිච්චියට ගැනීමට පෙර ඒවා පිළිසකර කිරීමට සිදුවන බවත් ප්‍රතිසංස්කරණය සඳහා මුදල් සොයා ගැනීම ගැටළුවක් බවත් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය. කොළඹ නගරයේ ඇමැතිවරුන්ට වෙන් කෙරුණු බංගලා පනහක් පමණ පවතී. මෙම බංගලා පාවිච්චි නොකිරීමට නව රජයේ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
මෙම ඇමති බංගලා ආර්ථික අතින් ඵලදායි ව්‍යාපෘතිවලට යෙදවීමට රජය බලාපොරොත්තු වෙයි.
COMMENTS
අන්තිමට වෙන්නේ මේවා නැති නාස්ති වෙලා යන එක වගේ. අර වාහන වලටත් වුණෙු ඒකනෙ.
බංගලා ටික හරි ඉතුරු කරලා ගිය එකම ඇති අපේ හාමුදුරුවනේ !
රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේශපාලුවන්ට ඕවාත් වැඩද? පුදුමයි ඔහොමවත් තිබුණු එක ගැන...
සුපුරුදු කයිය විතරයි. රජයේ වටිනා දේපොළ රැක ගන්න කිසිම සැලැස්මක් නැහැ. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෙෙරය වපුර වපුරා ඉන්න... පෙරහැර යයි...