(අජන්ත කුමාර අගලකඩ)
රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන රුපියල් පන්දහසේ මාසික සහන දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ද ලබාදීම සඳහා කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා රජයෙන් උපදෙස් ඉල්ලා ඇත .
ඊට අදාළව ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
එම දීමනාව ලබාදීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නියෝජිතයන් හා හාම්පුතුන් සමග තමා දිගින් දිගටම සාකච්ඡා කළ බව ද ඇමතිවරයා පෙන්වා දී ඇත .
එම දීමනාව ලබා දීමට පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකඟතාව පළ කර ඇති නමුත් ,පුද්ගලික අංශයේ හාම්පුතුන් ඊට එකඟතාව පළකර නැතැයිද ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිගේ සල්ලි වලින්ද? ජනතාවට බදු ගසා එකතු කරන සල්ලි වලින්ද 5000 ගෙවන්නේ?
නිමලෝ, පුද්ගලික අංශයට සල්ලි අච්චු ගහන්න ක්‍රමයක් නැහැ. ලැබෙන ආදායම් වෘත්තීය සමිති කියන කියන ආකාරයට වැටුප් ගෙවීමට ප්‍රමාණවත් නැහැ. මෙහෙම ගියාම රටේ නිෂ්පාදන නැතිවේවි. 1948 සිට මෙතෙක් කාලයේ රටේ තිබුණු සියලු කර්මාන්ත සහ ව්‍යාපාර නැතිවුණේ ඔය සමිතිකාරයින් සහ ඡන්දය අරමුණ කරගෙන තීන්දු තීරණ ගත්තු නිසා... ඔය 5000 නොදුන්නාට කිසිවකු රැකියා අත්හැරීමක් කරන්නේ නැහැ.
නරකද කට්ටියත් එක්ක, හාමුපුත්තුන්ගෙන් ගත්තු පගාවල් ටික නැවත ලබාදුන්නොත් සේවකයින්ට දන්න කියලා..? අපි කියන්නේ තම තමුන්ගේ අම්මා, අප්පගේ දේපළ දෙන්න කියලා නොවේ....
එම දීමනාව ලබාදීමට පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකඟතාව පළකර ඇති නමුත්, පුද්ගලික අංශයේ හාම්පුතුන් ඊට එකඟතාව පළකර නැතැයිද ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. අනේ මෙහෙමත් ගව නාම්බෙක්.., මාධ්‍ය වාර්තාවත් එහෙමම තමයි. මොනවා හරි හම්බ වෙනවා නම් වෘත්තීය සමිති අකැමැතිද? ඕනෑද එපාද කියලද දන්නේ නෑ ඇහැව්වේ... මෙහෙම හරි රට පවත්වාගෙන ආවේ පෞද්ගලික අංශයෙන් ආර්ථික දායකත්වය දුන් නිසා... අපනයන නොතිබ්බා නම් මෙලහකටත් බංකොළොත්... සමහර ආයතන පවත්වාගෙන ආවේ බොහෝම අමාරුවෙන්... රජයෙන් අච්චු ගහලා දුන්නොත් නම් දෙන්න පුළුවන් වෙයි...
දෙයි බලාගෙන ඉන්න... මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු 3ත් ජනතාවට සැප තමයි.
පසුගිය කාලයේ වැඩිවුණු ජීවන වියදම රුපියල් 5000කින් පියවාගත නොහැක. කරුණාකර ජීවන වියදම අඩුකිරීමට කටයුතු කරන්න.