(ඩයනා උදයංගනී)
අධ්‍යාපන අමාත්‍යවරයා සහ ගුරු සංගම් අතර අද (20) උදෑසන පැවති සාකච්ඡාව අවසන් එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.
එබැවින් දැනට ක්‍රියාත්මක මාර්ගගත ගුරු වර්ජනය ඉදිරියටත් කරගෙන යන අතර අනිද්දා (22) කොළඹ දී දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ද ඔහු සඳහන් කළේය.
ගුරුවරුන්ට දැනට පවතින වැටුප් විෂමතා ගැටලු විසඳීමේ යෝජනාවක් ලබන සඳුදා (26) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවට ඇමතිවරයා මෙහිදී පොරොන්දු වුවත් ස්ථිර විසදුමක් ලැබෙන තුරු වෘත්තීය ක්‍රියාමාර්ග අත්හැරීමට සූදානම් නැතැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතු පරපුරේ දරුවනේ ... ඇස් අන්ධ කරන මේ දේශද්‍රෝහීන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි. වැඩිහරියක් මොවුන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ පිටරටවලයි.
මේ අය නම් කාලකණ්ණිම තමයි...
මේ අපතයින්ගේ මූලික අරමුණ වන්නේ... වර්තමාන ආණ්ඩුව අපහසුතාවයට පත්කොට... එන්.ජී.ඕ. කුට්ටි වැඩිකර ගැනීමයි.
ගුරුවරු බහුතරයක් කවදත් සිටින්නේ මහින්ද මහතා සමගයි. විසඳුමක් බලාපොරොත්තු විය හැක්කෙත් එතුමාගෙනුයි. ඒ නිසා අගමැතිතුමා සමග සාකච්ඡා කරන්න.
මේ කාලකන්නි " කොතලාවල පනත " ඉස්සරහට දාලා මේ අයගේ වර්ජනය කරේ පඩි වැඩි කරගන්න. පොඩි අයට උගැන්නෙව්වේ නැත්තේ පඩි වැඩි කරගන්න වුවමනාවට මිසක් කොතලාවල පනත ගැන දැනීමක් ඇතිව නෙවෙයි. ස්ටාලින් කියන දේශපාලකයයි, ජවිපෙ එකතුවෙලා දරුවන්ට උගන්වන්නේ නැතිව හිටියා තවමත් ඉන්නවා. ගුරුවරුන්ට ක්රොඑ්ෂියාවේ වගේ මාස්ටර් උපාධි එකක් අනිවාර්යය කරලා පඩි වැඩි කළාට කමක් නැහැ... නමුත් මේ අවස්ථාවේ කළ නින්දිත රඟපෑම ඔවුන්ට නිග්‍රහයක්. ජවිපෙ හැම වෙලාවේම කලේ අධ්‍යාපනය තම දේශපාලනයට නතුකර ගත්තු එක... මේ රට එකතැන පල්වෙන්න ජවිපෙ හේතුවක්...
මෙයාලා විරෝධතා දැක්වූයේ කොතලාවල පනතට කියලා නේද කිව්වේ..?
පෞද්ගලික අංශය කොරෝනා පටන්ගෙන සති කිහිපයක් තුළ තම ව්‍යාපාර වලට සිදුවිය හැකි පාඩුව පුරෝකථනය කරමින් වැටුප් කප්පාදුවක් සිදුවිය. පෞද්ගලික අංශයේ සමහර ආයතන සේවක කප්පාදුව නිසා සමහරුන්ට රැකියා අහිමිවිය. එදිනෙදා අාදායම හම්බකරගත් අයට කිසිදු අදායමක් නැතිවිය. රජයේ වැටුප් කිසිඳු කප්පාදුවක් නැතිව ලබන ඔබ වාසනාවන්ත නොවේද? සිතන්න, මෙවන් අසීරු අවස්ථාවක ලබන වැටුප ගැන සතුටු වී තම සේවය රට වෙනුවෙන් නොමසුරුව ඉටුකරන්න.
1985 ජූලි වර්ජකයින්ට කළ දේ මොවුන්ටත් කරමු...