(අංජුල මහික වීරරත්න)

අධ්‍යාපන අමාත්‍යාංශය ඉසුරුපායට ගෙන ගිය අවස්ථාවේ අමාත්‍ය කාමරයේ එල්ලීමට එච්.එස් සරත් ලවා තමා සිතුවම් කරගත් සැළලිහිණි සංදේශය පිළිබිඹු කරන විශාල චිත්‍රය දැන් අමාත්‍යංශයෙන් අතුරුදන් වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දිනෙක විශාල මුදලකට එම චිත්‍රය අළෙවි කළ හැකි නිසා එය කවුරුන් හෝ  ගෙදර ගෙනිහින් තියා ගෙන ඇති යැයි ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතාගේ 50 වැනි ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චිත්‍ර ප්‍රදර්ශනය නරඹන අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි පාසල් දැරියන් දෙදෙනකු  මෙරට අධ්‍යාපන ක්‍රමය සකස්විය යුතු ආකාරය පිළිබඳ සම්පාදනය කරන ලද සැලැස්මක් ද ජනාධිපතිවරයාට පිළිගැන්වීය.