(යොහාන් භාසුර)
ආනයන සීමා කළ ඇපල් සඳහා බද්ධ සියයට 200 කින් ඉහළ දමා ඇතැයි පළතුරු ආනයනකරුවෝ පවසති.
මිදි සහ දෙළුම් සඳහා බද්ධ සියයට 50 කින් වැඩි කර ඇති බවත් දොඩම්, නාරං, වියලි මිදි සහ පෙයාස් ඇතුළු සියලුම ආනයනික පළතුරුවල බද්ධ ඉහළ දමා ඇති බවත් ආනයනකරුවෝ කියති.
මෙම ආනයනය සීමාව පැනවීමට පෙර ඇපල් කිලොවක් සඳහා පැවැති රුපියල් 100 ක බද්ධ මේ වන විට රුපියල් 300 ක් දක්වා ඉහළ දමා ඇති බව කී ශ්‍රී ලංකාවේ ප්‍රධාන පළතුරු අනයනනික සමාගම නිලධාරියෙක් මිදි සහ දෙළුම් කිලෝවක් සඳහා පැවැති රුපියල් 200 ක බද්ධ රුපියල් 300 ක් දක්වා ඉහළ දමා ඇති බව ද සඳහන් කළේය.
මෙම බදු ඉහළ දැමීමත් සමඟ ඉදිරියේදී ඇපල්, මිදි සහ දෙළුම් ඇතුළු ආනයනික පළතුරු මිල කීපගුණයකින් ඉහළ යනු ඇතැයි ද ආනයනකරුවෝ කියති.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස පළතුරු වර්ග කීපයක් ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ යැයි භාණ්ඩ වර්ග 367 ක ආනයන සීමා කිරීමට රජය පසුගිය 9 වැනිදා පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමෙ කියන්නේ දේශීය පලතුරුවලත් මිල ඉහළ දාන එකනේ...
වසවිස තවරලා තවරලා එන ඇපල් කන්න ඕනද? ඝර්ම කලාපීය රටක්වන අපේ රටේ කොයිතරම් පළතුරු තියෙනවාද? මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනෑ.
අයියෝ, තාත්තට ඇපල් ගන්නේ කොහොමද දැන්?
ලෝකල් බඩු මාකට් එකට දාන්න...