(කාංචන කුමාර ආරියදාස)

සීගිරිය නැරඹීම සඳහා මෙරටට පැමිණි  විදේශීය සංචාරකයන් 350ක් 400 දෙනකුට සීගිරිය නැරඹීම සඳහා ඇඳිරි නීතිය දිනයේ පැය දෙකක කාලයක් අවස්ථාව ලබාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ඉහළ කළමනාකාරිත්වය අද පියවර ගත්තේය

සීගිරිය නැරඹීමට සඳහා පෙර දින සිට සැලසුම් කර තිබූ විශාල විදේශිකයන් පිරිසක් සීගිරිය ප්‍රවිෂ්ඨ වන ගේට්ටුව ලග සිරවී සිටින බව තොරතුරු වාර්තා විය

මධ්‍යම සංස්කෘතික අරමුදල නිලධාරීන් සාකච්ඡා කොට පැමිණ සිටි සංචාරකයන්ට සීගිරිය නැරඹීමට සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදු කෙරුණු අතර එහිදී සංචාරක මගපෙන්වන්නන්ට සීගිරියට ඇතුළුවීමට ඉඩ ලබා නොදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්යාපෘති කළමනාකරු උපුල් නිශාන්ත මහතා පියවර ගත්තේය.

ඒ අනුව සීගිරියට පැමිණි විදේශිකයන් 400 පමණ දෙනා සීගීගිරිය නැරඹීම සඳහා ඇතුළු වූ අයුරු දැකගැනීමට ගැනීමට හැකි වූ අතර සංචාරක මගපෙන්වන්නන්  පාලනාධිකාරිය සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය.