
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමආරච්චි)
ගස්ලබු වගාව වනසා දැමු ඇතකු මරා දැමීම සදහා යකඩ ඇණ ලැලි සැකසු වතු මුරකරුවකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවි අඩවි කාර්යාලය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ කරුවලගස්වැව 17 කණුව සිමාවේ වෛද්‍යවරයකුගේ ඉඩමක මුරකරුවකු බව වනජීවි නිළධාරින් පවසයි.
කරුවලගස්වැව වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක බි.රාමසිංහ මහතා පවසා සිටියේ අදාල සැකකරු රැකියාව කරනු ලබන ඉඩමේ ගස්ලබු වගාවක් ඇතකු වනසා දැමිමට කුපිත විමේන් පසු මෙම ඇණ ලෑලි සකසා ඇතා එන මාර්ගයට දමා ඇති බවයි .
ඒ පිළිබඳව ලැබුණු තොරතුරක් මත සිදුකල වැටලිමේදි මෙම සැකකාර මුරකරු විසින් සකසා තිබු ඇණ ලෑලි සොයා ගත් බවයි.
අඩවි ආරක්ෂකවරයා වැඩි දුරටත් පවසා සිටියේ යම් හේයකින් ඇතාගේ පාද වලට මෙම ඇණ ලෑලි ඇණි ගියේ නම් සති ගණනක් ඇතා එහි තුවාල වලින් පිඩා විද මරණයට පවා ලක්විමට ඉඩ තිබු බවයි.
අත් අඩංගුවට ගත් සැකකාර වතු මුරකරු වනජීවි ඇප මත මුදා හැර ඇති බවත් ඉදිරි දිනකදි පුත්තලම අධිකරණයට ඉදිරිපත් විමට දැනුම් දි තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු රටේ පවතින නීතියෙන් නම් ගැලවෙයි. ඒත් මේ කෲර සිතුවිල්ලෙන් හටගත් කර්මය ඔහුටම ගෙවා දමන්න සිදුවේවි. කර්ම කර්මඵල නොදැනීමේ විපතක් !
යතුරු පුවරුව පිටුපස සැඟවුණු වීරයෙක් නොවී, ගිහින් අලි ටික එලවලා දෙන්න එහෙනම්...