
(එස් .ඩී. කොඩිකාර)
සැකකරුවකු සමග පොලිස් බාරයට ගත් විශාල ඇත් දළ යුගළය තමාගේ නිවෙසින් අතුරුදහන් වූ ඇත් දළ යුගලය නොවන බවට හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා අද තහවුරු කර ගත්තේය.
ඒ මෙම සිද්ධිය සම්බන්ධ නඩුව මොරවක මහේස්ත්‍රාත් ගිහාන් බුද්ධික බස්නායක මහතා ඉදිරියේ අද (27) කැඳවූ අවස්ථාවේ මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුව අධිකරණ නිලධාරීන් ඉදිරියේ එම ඇත් දළ යුගල හඳුනා ගැනීමට මන්ත්‍රිවරයා අවසරය ලැබිණි.ඒ අනුව එය පරීක්ෂා කළ ඇමැතිවරයා එය තමාගේ නිවසින් සොරාගත් ඇත් දළ යුගල නොවන බවට තහවරු කර ගත් අතර මෙම නඩු විභාගය ජූනි 19 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් පිටව යද්දී අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා මෙසේ පැවැසීය.
මගේ ගේ ගිණි තියපු වෙලාවේ නිවසේ තිබූ ඇත් දළ ජෝඩුවක් අතුරුදහන් වුණා. වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය ඉකුත් (12) වන දින ඇත්දළ ජෝඩුවක් අත්අඩංගුවට ගත් බව දැනගන්නට ලැබුණා.
ඒක නිවසේ තිබී නැතිවුණු ඇත් දළ ජෝඩුව දැයි සොයා බැලීම සඳහා අධිකරණයෙන් අවසර ලැබුණා.
මහේස්ත්‍රාත් වරයාගේ අවසරය මත රෙජිස්ටාර් ඉදිරියේ එය පරික්ෂා කළා. එම ඇත් දළ ජෝඩුව පරික්ෂා කිරීමෙන් අනතුරුව එය තමන්ගේ නිවසේ තිබී අතුරුදහන් වූ ඇත් දළ ජෝඩුව නොවන හෙයින් නැවත පිටව යනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඇත් දළ වලට අයිතිවාසිකම් කියන මහත්මයට ඕක ලැබුන හැටි හෙව්වා නම් ඒකත් නීත්‍යානුකූල නොවන බව පෙනේවි. පන්සලක කෝවිලක තිබුනට ගෙවල්වල තයෙනවා නම් ඒක දේශපාලන බලය මත කෙරුණු දෙයක් මිස ඔය කියන මහත්මයා පරම්පරා ගත පොහොසත් වලව්කාරයො නෙවෙයි. 77 මජර දේශපාලනයෙන් බහිවෙච්ච තවත් ජරා ජීවිතයක් ඕක. ඔය තුමාගෙ අතපය පණ තයෙන කාලෙ හැසිරිච්ච හැටි මතක ඇති.
ගෙවල් ගිනි තැබීම හොඳ දෙයක් නොවුවත්, එතුලින් මෙවැනි දේශපාලකයින්ගේ ඇතැම් වත්කම් හෙලිවුවා
එතකොට ලොකුගේ කියන රෑනේ එකාට ඇත්දල කොහෙන්ද ලැබුනේ .නීත්‍යානුකුලව අසරන ඇතා මරලද දල ගත්තෙ. මොහුට එක නීතියක්. එයාට අදුන ගන්නත් ඉඩ දීලා. පුදුම උසාවි නේ මේවා. මේ වගේ රටේ මුදල් මේ විදියට පුජා කරලා. හම්බ කරපු දෙවල්. පන්සලේ ඉදිරියෙන් ඉන්නෙ සත්තු මරන පින්වන්තයෝ
එහෙම තියාගන්න එයාට පුළුවන් අපිට බෑ
"අහෝ ලොකුගේ - නොලදි ඇත් දල " (හූ හූ .....)
පලයන් මයිනලාගේ ගෙදර
මුට ගිනි බෝල දෙකක් අතට දෙන්න තිබුනෙ
එදා පිළියන්දල බාර් හන්දියේ පොකට් ගහපු එකාට කොහෙන්ද ඇත් දල ලැබුනේ ? සොත්ති උපාලිලා, අග්ගොන චන්දරෙලා , ගෝනවල සුනිල්ලා එක්ක හිටපු කාලේ අනිවාර්යයෙන්ම කාගෙන් හරි උස්සපු එකක්.