
(කුෂාන් ජයවර්ධන)
කැකිරාව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී ඇත් දළ යුගලක් සමඟ සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු කියති.
ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ හා විජිතපුර බීට්ටු කාර්යාලයේ නිලධාරීන් ලද තොරතුරක් අනුව ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී එම ඇත් දළ යුගලක් හා සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රසන්ත විජේකොන් මහතාගේ මෙහෙයවීම යටතේ අදාළ මෙහෙයුම සිදුකෙරිණ.
සැකකරුවන් විසින් අදාළ ඇත්දළ යුගලයෙන් එකක් කැකිරාව නීකිණීයාව ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගැණුන අතර අනෙක් ඇත් දළය ඔලොම්බෑව ප්‍රදේහයේ ගෙවත්තක වල දමා තිබියදී සොයා ගෙන ඇත. මෙලෙස වනජීවී නිලධාරීන් විසින් සොයා ගනු ලැබූ ඇත් දළ යුගලය අඩි දෙකක් පමණ දිගකින් යුක්ත වේ.
මී කැඩීම සදහා කලාවැව ඉස්මත්තට ගිය අවස්ථාවේ කලකට පෙර මිය ගිය වන අලියකුගේ සිරුරු කොටස් තිබූ ස්ථානයක් හමුවූ බවත් එම සිරුරු කොටස් තුළ තිබී මෙම ඇත් දළ යුගලය තමන් රැගෙන ආ බව සැකකරුවන් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මේ මහත්තුරු. ඇත්දල දැකල නැති හින්ද අතටම අරගෙන බලනවා. ඒවට ගෞරවේ කොච්චරද කියනවා නම් ටයිත් දාලා පොටෝ අරන්.
අහිංසක සත්තු මරලා මෙවැනි දේවල් ලබාගන්න අයට දැඩි දඩුවම් දෙන්න ඕනේ.