
(ඉන්දිකා රාමනායක)
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි සියලුම සේවක සේවිකාවන්ට අද(07) සවස 4.00ට පෙර පහත සඳහන් ස්ථානවලට වාර්තා කරන ලෙසට පොලිසිය නියෝග කර ඇත.
ගම්පහ ස්ථිර පදිංචිකරුවන්, තාවකාලිකව නැවතී සිටින සේවක සේවිකාවන්ට මෙම විශේෂ නියෝගය නිකුත් කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පැමිණෙන සියලුම සේවක සේවිකාවන්ගේ තොරතුරු මෙම ස්ථානවලදී ලබාගෙන ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.
කිසියම් සේවකයන් පිරිසක් ගම්පහ ප්‍රදේශයට පරිබාහිරව වෙනත් ස්ථානවල රැඳී සිටී නම් ඔවුන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ගොස් සියලු තොරතුරු දැනුම් දෙන ලෙස අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාල ආයතනයෙන් ගන්න බැරිද එහි සේවය කරන සියලු දෙනාගේ විස්තර? ඒ අනුව ඒ සියලු දෙනා පදිංචි ස්ථාන සොයාගෙන නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙනයනතුරු තමන් සිටින නිවසේම ස්වයං නිරෝධායනය වන ලෙස කියන්න බැරිද? මේ විදිහට එක එක තැන්වලට පැමිණෙන්න කියලා දැනුම් දුන්නාම ඒ අයට රෝගය වැළඳී තිබේ නම් එන මග දිගට හමුවන, ගමන් කරන රථ පදවන සියලු දෙනාම අවදානමට ලක් වෙනවා නේද?
මිනිස්සුන්ව එහෙමෙහෙ ගෙන්න ගන්නේ නැතුව ඉන්න තැනක ඉන්න දුන්නා නම් තව මේක පැතිරෙන එක අවම කරගන්න පුළුවන්නේ. මොකක්ද මේ කරන අපබ්‍රංශ වැඩේ?