(අංජුල මහික වීරරත්න)

ආහාර හිඟයක් ඇති වුණොත් ලෝකයේ  සෑම රටක්ම සිදු කරන්නේ තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ලංකාවෙි ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට බොහෝ අය මත පළ කරන බව කී අමාත්‍යවරයා ඩුබායි මෙන්ම   සිංගප්පූරුවේ වී වගා නොකරන නමුත්   ඒ රටවල ජනතාව බඩගින්නේ ඉන්නේ නැතැයි ද කීය. හැම රටක්ම ආහාර හිඟයක් ඇති වුණොත් තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

පොස්පේට් රාජ්‍ය සමාගමට වසර පනහක් පිරීම නිමිත්තෙන් කොළඹ වෝටර්ස් එජ්හි  පැවැති උත්වයකදී අමාත්‍යවරයා මේ කරුණු සඳහන්  කළේය.