
(අංජුල මහික වීරරත්න)
ආහාර ආශ්‍රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එක් අංශයකින් උපත් ප්‍රමාණය අඩු වනවිට, අනෙක් අංශයෙන් ආහාර ආශ්‍රිත රෝගාබාධ ඉහළ යාම රටක් ලෙස අභියෝගයක් බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා පාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් පාර්ශ්වකරුන් අතර ආහාර සුරක්ෂිතතා වත්මන් අභියෝග, සහයෝගිතා විසදුම් මෙන්ම සුදුසුම භාවිතයන් පිළිබද අවබෝධය වැඩිදියුණු කිරීම සදහා වූ විද්වත් කථීකාවකට එක් වෙමිනි.
එම වැඩසටහන අද (14) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02, Marriot Courtyard හෝටල් පරීශ්‍රයේ පැවැත්විණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ආහාර ආශ්‍රිත රෝගාබාධ පිළිබදව නිරන්තර අවධානයෙන් සිටින බවත් සියලු දෙනාගේ ඒකාබද්ධ මැදිහත්වීමෙන් මෙම අභියෝගය ජයගත හැකි බව ද අමාත්‍යවරයා මෙම උත්සවයේ දී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටි කිරි, දියර කිරි වලින් පටන් ගන්න ඇමතිතුමා... මුලින්ම ඔන්න ඔය දේ චෙක් කරලා ජනතාව දෑනුවත් කරන්න...!
පච නොකියා යන්න. කෑවත් ලෙඩ වෙනවා, නොකෑවත් ලෙඩ වෙනවා.
විස සහිත පොල්තෙල් ගැනත් සොයා බලන්න...
මිනිස්සුන්ගේ ආදායමට සාපේක්ෂව ආහාර මිල අඩුකරන්න රජයට සැලසුම් තියනවා නම් වටිනවා. මොකද තුන් වේල පිරිමහගන්නේ කොහොමද කියන ප්‍රශ්නයෙන් බැටකන පවුලකට පෝශ්‍යදායී ආහාර ගැන කියන එක ගඟට ඉනි කැපීමක් වගේ නිශ්ඵල දෙයක්...