
(විමුක්ති එස් රුද්‍රිගු)
ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක ණය මුදලක් මෙරටට ලබාදී ඇති අතර ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට පසුගියදා අත්සන් තැබුවේය.
ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය සඳහා ලබාදී තිබූ අතර අනෙක් ඩොලර් මිලියන 200 ක ණය මුදල දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ දේපළ සහ ජීවනෝපායන් නැවත ගොඩනැගීම සඳහා ලබාදී තිබුණේය.
වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුව මෙරටට ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මූල්‍ය සහාය ප්‍රතිපත්ති පාදක ණය මුදලක් ලෙස ලබාදී ඇති අතර ඒ යටතේ වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහනේ උප වැඩසටහන් 1 ක්‍රියාත්මක කිරීමට නියමිතය. 2025 ජාතික ප්‍රතිපත්ති රාමුව සමග අනුකූලවන තිරසාර ආර්ථිකයක් ගොඩනැගිම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
අනෙක් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල 2026-2030 වසර අතර කාලෙය්දී ක්‍රියාත්මක කිරීමට නියමිත පශ්චාත් දිට්වා සුළි කුණාටු ප්‍රතිසංස්කරණ සහ ජීවනෝපාය සහාය ව්‍යාපෘතිය සඳහා ලබාදී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ සුළි කුණාටුවෙන් හානිවූ මාර්ග, යටිතල පහසුකම්, වාරි මාර්ග පද්ධතිය පුනුරුත්ථාපනය සහ ප්‍රති සංස්කරණය මෙන්ම බලපෑමට ලක්වූ ජනතාවගේ ජීවනෝපය නැවත නගා සිටුවීම සහ නිවාස යථා තත්වයට පත් කිරීම සිදුකිරීමට නියමිතය.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ ආසියනු සංවර්ධන බැංකුව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කව්ලින් මහත්මිය මහා භාණ්ඩාගාරයේදී ණය මුදල් සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට පසුගියදා අත්සන් තැබුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd