
(සුජිත් හේවාජුලිගේ )
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඇතැම් ජනතාවගේ හැසිරීම කනගාටුදායක බවත් මේ හැසිරීම් රටාව තුළ කොවිඩ් ආසාදිතයන් යළි වැඩිවීමේ අවදානමක් මතුවිය හැකි බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
පිට පළාත්වලින් කොවිඩ් ආසාදිතයන් යම් මට්ටමකින් හමු වෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.
බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයන් පනස් දෙනකු පමණ හමුවී ඇතැයි පැවසූ යුද හමුදාපතිවරයා සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ ඇතැම් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට පටහැනිව කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන බවද පැවසුවේය.
කොවිඩ් රෝගීන් 10ත් 25ත් අතර සංඛ්‍යාවක් දිනපතා මියයන බවත් ආසාදිතයන් පන්සියත් හයසියයත් අතර සංඛ්‍යාවක් දිනපතා සොයා ගැනෙන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
නිවෙසින් පිටව යන සෑම අවස්ථාවකදීම මුව ආවරණ පැළඳීමට කටයුතු කරන්නැයි තමා ශ්‍රී ලාංකික ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ ගෑස් ඉවරයි... දැන් කවුරුවත් ඔයාගේ අදහස් පිළිපදින්නේ නැහැ...
මේ අදහස් එතුමා ගනන් ගනී කියල හිතන්න අමාරුයි