(අජන්ත කුමාර අගලකඩ)
ජාතික ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා විශේෂඥ කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ ඇත .
ආර්ථික අර්බුදයට පිළියම් සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික සභාවක් පත්කර ඇති අතර ,එම සභාවට උපදෙස් දීම සදහා මෙම විශේෂඥ කමිටුව පත් කර තිබේ .
මෙම උපදේශක කමිටුවට විශ්ව විද්‍යාල ආචාර්ය , මහාචාර්යවරුන් ඇතුළු ආර්ථික විශේෂඥයෝ පිරිසක් පත් කරනු ලැබ සිටිති මේ අතර ,ජාතික ආර්ථික සභාව පළමු වරට ඊයේ (14)රැස් වූ අතර, එම සභාව අද පෙරවරුවේ ද යළි රැස්වීමට නියමිතය.
ජාතික ආර්ථික සභාව සඳහා මෙම විශේෂඥ කමිටුවේ නියෝජිතයෝ ද සහභාගි වීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම විශේෂඥ කමිටුවට වෛද්‍ය සංගමේ සභාපති වෛද්‍ය පාදනියත් ඇතුලත් වෙලාද?
මේ විදියට සැබෑ විශේෂඥයින් කැදවීම මුලින්ම කරන්න තිබ්බෙ. ඕ ලෙවල්වත් පාස් නැති ඇමතිලා කමිටුවලට පත්කර ඇතිනම් එය නිෂ්ථල බව අමුතුවෙන් කිව යුතු නැහැ. වියත් මග කියා අවස්ථාවාදීන් කිහිපදෙනෙක් ඉස්සරවූ පමණින් වියතුන් ෆේල් කියා දොස් පැවරුවෙ ඕ ලෙවලුත් ෆේල් කට්ටිය තමා. විශේෂඥ කමිටුවල වුනත් එකිනෙකට වෙනස් දැක්ම සහිත අය එක්කර පර්යේ්‍ෂණවලදී විවේචනාත්මකව විවරණ කරන අයුරින් ප්‍රතිපත්ති සෑදිය යුතුයි. ඒත් මෝඩයන් සිතන්නේ විවේචනාත්මක දැක්ම එදිරිවාදීකමක් කියලා. එසේනම් විශ්ව විද්‍යාල ආශ්‍රිත සියළු පර්යේෂණ එදිරිවාදීන් වූ ඒවා විය යුතුයි.