
(ඩයනා උදයංගනී)
ජාතික ආර්ථික සභාවට සහයවීම සඳහා 14 දෙනෙකුගෙන් යුත් ආර්ථික උපදේශක කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
මහාචාර්ය එච්.වී කරුණාරත්න, මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, ආචාර්ය දුෂ්නි වීරකෝන්, ධම්මික පෙරේරා, ක්‍රිෂාන් බාලේන්ද්‍ර, අෂ්රෆ් ඔමාර්, ආචාර්ය හාන්ස් විජේසූරිය, විශ් ගෝවින්දසාමි, එස්. රෙංගනාදන්, රංජිත් පේජ්, සුරේෂ් ද මෙල්, ප්‍රභාෂ් සුබසිංහ, දුමින්ද හුලංගමුව, සුජීව මුදලිගේ යන මහත්ම මහත්මීන් 14 දෙනෙකු මේ සඳහා පත්කිරීමට ජනාධිපති ජනාධිපති ගෝඨාභව රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ඇමතිවරයා සඳහන් කළේය.
රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ශ්‍රී ලංකාව මුහුණදෙන වර්තමාන ආර්ථික අර්බුදය කළමනාකරණයට උපදෙස් ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පසුගිය සතියේදී තමන් ඇතුළු ඇමතිවරුන් පිරිසක් හා නිලධාරීන්ගෙන් සමන්විට ජාතික ආර්ථික සභාවක් පත්කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල දත් ඇමතිවරුන්ට උපදෙස් දෙන්න කවුරුත් ඕනේ නැහැ.
ආර්ථික සභාවේ 11යි. උපදේශක මණ්ඩලේ 14යි. එතකොට මේ අයට දීමනා එහෙමත් දෙනවද? එව්වත් අපේ සාක්කුවෙන්ද? කියන තරමට මේ ආර්ථිකය ගොඩගන්න මේ 25 දෙනාට පුළුවන් වෙයිද? මෙච්චර සැක කරන්නේ සභාවේ ඉන්න මොලේ වැඩිම කෙනා නිසා.