(අජන්ත කුමාර අගලකඩ)
ආර්ථික කළමනාකරණය හරහා මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ආර්ථික සභාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ ඇත .
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම සභාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ,ඇමැතිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන , බැසිල් රාජපක්ෂ ,ජොන්ස්ටන් ප්‍රනාන්දු , මහින්දානන්ද අලුත්ගමගේ ,වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු ද , මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ,භාණ්ඩාගාර ලේකම් එස් ආර්.ආටිගල , මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර යන මහත්වරු ද ඇතුළත් වෙති .
මෙම ආර්ථික සභාව සෑම සතියකම රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය .
ගෝලීය ආර්ථිකයේ සිදුවන වෙනස්කම්වලට අනුව ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධීකරණය , අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ,ව්‍යවස්ථාපිත ආයතනවලට අදාල උපදෙස් ලබාදීම හා රජය වෙනුවෙන් මඟ පෙන්වීම මෙම ආර්ථික සභාවට පැවරී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන ප්‍රතිපත්ති සම්පාදනය කලත් වැඩක් නෑ දේශපාලකයෝ හොරාකන එක නතර නොකර. මුලින්ම ඒක නවත්වන්න. හොරාකාලා විදෙස් රටවල් වල තැන්පත් කරලා තියන ධනය නැවත අයකර ගෙන රටේ ආර්ථිකයට යොදවන්න. දේශපාලකයින්ට ලබා දෙන අසීමිත වරප්‍රසාද අඩු කරන්න. ඒ ටික හොදටම ඇති. ආර්ථිකය දියුණු වෙයි බලා ඉද්දිම. එහෙම නැතුව ඔය මොනවා කලත් වැඩක් නෑ.
සත්‍ය වශයෙන්ම මෙවැනි කණඩායමක අඩුවක් තිබිණි. මිට පෙර මොවුන් වෙන් වෙන් වසයෙන් ආර්ථික වර්ධනය කට යුතු කරගෙන ගියත් කණ්ඩායමක් වසයෙන් එක්වීම නිසාම රටට වේගවත් ආර්ථික වර්ධනයක් ලගා කළහැකි අපගේ බලවත් විස්වාසයයි. පමාවී හෝ මෙවැනි විද්වත් කමිටුවක් පත්කිරීම පිලිබදව සතුටුවමු
රමේෂ් පතිරණ ඇරෙන්න අනිත් අය රට කාපු ප්‍රධාන කට්ටිය නේද? ඒ කියන්නෙ ගොඩ යෑමක් නැහැ වගේ නේද?
දැන් තියන වේගය හොඳටම ඇති . මීට වැඩිය වේගවත් කරන්න යන්න එපා . මෙන්න වැන්ඳ .
මාර බඩු ටික ආර්ථික උපාය මාර්ග තෝරන්න දාලා තියෙන්නේ. කරයි බම්බුවක්. මිනිස්සුන්ට විහිලු සපයන එක එතරම් අමාරු වැඩක් නෙමේ. මේ නුගත් රාජපක්ස ගොබ්බයන්ට ඉන්නේ අට පාස් ගොබ්බයෝයි බන්දුල ගුණවර්ධන වගේ සලලි වලට චීන්නුන්ගෙන් හොරට ආචාර්ය උපාධි කියලා සහතික ගත්ත ගොබ්බයොයි විතරයි.
හතර අතේ ණය වෙන නාස්තිකාර ආණ්ඩුවක්.. එය ගෙවීමට කිසිදු සැලැස්මක් නෑත. හොරකම වන්චාව සදහාම බලයේ රෑදි සිටිති..