
(කේ බුද්ධික කුමාරසිරි)
තම සැමියාට සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවකට තියුණු ආයුධ යකින් පහර දී බරපතල තුවාල සිදු කළ බව කියන කාන්තාවක අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
සැකකාර කාන්තාවගේ සැමියා තවත් කාන්තාවක සමග පාදුක්ක දේවාල පාර නිවසක සිටින බවට ලද තොරතුරක් මත එම නිවසට ගොස් තියුණු ආයුධයකින් දෙදෙනාටම පහර දී ඇතැයි ද පසුව තුවාලකරුවන් දෙදෙනා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සදහා හෝමගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයිද පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව අදාල තියුණු ආයුධ ප්රහාරය එල්ල කිරීමෙන් පසු මීගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වී තිබූ බව ද එම පොලිසියේ උසස් නිළදාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇගයීමට ලක් කල යුතු වීර කාන්තාවක්.
දරුවන් සිටී නම් දෙදෙනාම බරපතල අපරාධයක් කර ඇත. ඉවසීමක් නැති නම් විවාහයක් නොකරගෙන තනියෙන් ඉන්න, අහිංසක දරුවන්ට පව් නොදී...