IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආර්ථික මධ්‍යස්ථාන වල වැඩ බලන්න සමාගමක් හදයි

(අංජුල මහික වීරරත්න)

විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම පිණිස සීමිත වගකීම් සමාගමක් සංස්ථාගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ගොවිපොළ හෝ කෘෂි කාර්මික නිෂ්පාදන විකිණීම, මිල දී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීම සඳහා අවශ්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් සැපයීම පිණිස විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 18ක් මේ වන විට ස්ථාපිත කර ඇත. 

ඒ අතුරින් වවුනියාව, කිලිනොච්චිය, යාපනය සහ මඩකලපුව හැර අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන 14 දැනට ක්‍රියාත්මකව පවතී. 

එම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය 2006-01-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපතිගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය ආයතන සහ වෙළෙඳ සංගම් වල නිල බලයෙන් පත් වන සාමාජිකයින්ගෙන් සමන්විත කළමනාකරණ භාරයක් මඟින් සිදු කරනු ලබයි. 

මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වල ව්‍යාපාරික ක්‍රියාකාරකම් සාර්ථකව සහ තිරසරව සිදු කිරීම සඳහා මධ්‍යගත, නෛතික ව පිළිගත හැකි සහ වගවීම සහිත ආයතනික සැකැස්මක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.

 ඒ අනුව, විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම, පුළුල් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සීමිත වගකීම් සමාගමක් ස්ථාපිත කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

ආර්ථික මධ්‍යස්ථාන වල වැඩ බලන්න සමාගමක් හදයි

Kamal Koyrala Tuesday, 27 May 2025 01:05 PM

මෙහි කාර්යයන් පැහැදිලි වන්නේ නම් වඩාත් හොඳයි. එමෙන්ම වෙළඳ ප්‍රජාවගේ හිතුමතේ මිල පාලනය නතර කර පාරිභෝගිකයා සාධාරණය ඉටුකළ යුතුයි.

:       0       0

MOHAMED HAZAR Friday, 30 May 2025 06:37 AM

ගොවියාව ආර්ථික මධ්‍යස්ථානය ට ගෙන්වල අතරමැදියට වගාව පූජා කරනවා, ආර්ථික මධ්‍යස්ථාන හදල අතරමැදි මාෆියා කාරයන්ට දෙනවට වඩා ගොවි සමිති හදල සමිති වලට ආර්ථික මධ්‍යස්ථාන වල කඩ ලබා දුන්නොතින් හොඳයි, හැමදාම එළවලු පලතුරු ගිනි ගණන් හැබැයි ආර්ථික මධ්‍යස්ථාන වල ගොවීන්ගේ නිෂ්පාදන තුට්ටු දෙක ට විකිනෙන්නේ. නැතිනම් විසික්වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site