
(ගයාන් සූරිය ආරච්චි)
දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ චුන්නාකම් පොලිසිය රාජකාරී නියුතුව සිටි පොලිස් කොස්තාපල් වරයෙකි.
මෙම පොලිස් කොස්තාපල්වරයා චුන්නාකම් පොලිසියේ තනිකඩ බට නිවාස්නේ රාජකාරියේ නියුතුව සිටියදී කතරගම දෙවියන් ආරූඪ ඇති බව පවසමින් කලාකාරි ලෙස හැසිරී තිබුණු බව පොලිසිය කියයි. අනතුරුව පොලිස් ස්ථානයෙන් අනවසරයෙන් පිටව ගොස් කනදරාව ප්‍රදේශයේ වාහන වලට පහර දෙමින් කලාකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2378
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආරුඪ වූ පීසී පාරේ වාහනවලට ගහලා
Perera Sunday, 27 April 2025 11:33 AM
මොනරාව හොයාගන්න නැති හින්දා වෙනත් වාහනයක් හෙව්වා වත්ද?
බකල ජයා Sunday, 27 April 2025 12:07 PM
දෙවිවරු කැමැති පරිසර හිතකාමී ඉන්ධන වලට. ඒකනේ මොනරා පිටේ යන්නේ. පොසිල ඉන්ධන දහනයෙන් හරිත වායු, සල්ෆර්, කා. මොනොක්සයිඩ් වගේ පරිසරය විනාශ කරන දේවල් පිටවෙන නිසා තරහ නොයා තියෙයිද ඉතින්...?
sam Sunday, 27 April 2025 12:43 PM
තදටම ගංජා ගහන කෙනෙක් වෙන්න ඇති... ගංජා ඉස්මුරුත්තා ගහලා... කොහේද වාහනවලට ගහන්නේ... මෙයා ගංජා ගහන කෙනෙක්...
මෝඩ හුටංලාSunday, 27 April 2025 07:06 PM
සෑම් නම් වාහනවලට ගහන්නෑ නේද?
ගුණරත්න Sunday, 27 April 2025 01:01 PM
පොලිසියේ මහත්තුරුන්ට මානසික රෝග ගැන පොඩි පුහුණුවක් දුන්නොත් හොඳයි...
බකල ජයාSunday, 27 April 2025 05:23 PM
ස්වයං අවබෝධයක් ලබාගන්න එක කෝකටත් හොඳයි...
සමන්Sunday, 27 April 2025 05:43 PM
මේකටත් dislike කරපු අය ඉන්නවනේ...!
AnudiSunday, 27 April 2025 07:04 PM
මොන දේ දැම්මත් සමහරු ආණ්ඩුවට බනිනවා, සමහරු විපක්ෂෙට බණිනවා. ඒ අයටත් මේ පුහුණුව වගේම ප්‍රතිකාරත් දුන්නා නම් රටෙන් කොටසක් සුවපත් වෙයි...