





(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 13 වැනි පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම්පොකුණ රඟහලේදී අද (13) පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මෙන්ම ඉන්දියාව, චීනය, බංගලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින, නේපාලය, ඕමානය, පකිස්ථානය, රුවන්ඩාව, සවුදි අරාබිය, සුඩානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල විදේශ නිලධාරීහු 157 දෙනෙක් ද උපාධිය ලබාගත්හ.
මෙහිදී පිරිනැමුණු ‘සේනා විධායක ගෞරව සම්මානය’ මේජර් රෝහණ ඒකනායක, කමාන්ඩර් ප්‍රශාන්ත් මිස්රා (ඉන්දියාව) සහ බලඝණ නායක ප්‍රණීත් කොඩිකාර යන නිලධාරීන් ද, ගෝල්ඩන් පෙන් සම්මානය මේජර් හරිත පාගොඩආරච්චි විසින් ද ගෝල්ඩන් අවුල් සම්මානය මේජර් රෝහණ ඒකනායක, ලුතිතන් කමාන්ඩර් රංගන අතුකෝරල සහ ස්කොඩ්රන් ලීඩර් ප්‍රණීත් කොඩිකාර විසින් ද දිනා ගන්නා ලදී.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික ) කමල් ගුණරත්න සහ ත්‍රිවිධ හමුදාපතිවරු, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනා විධායක මේජර් ජෙනරාල් ඩී. එන්. පී. එන්. දෙමටන්පිටිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd