
(අංජුල මහික වීරරත්න)
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ලියූ “තාරා ගේ ආගමනය” හා “කඩොල් ඇත්තු” (පරිවර්තන) නව කතා ද්විත්වය සහ "ඇහේ කඳුළැලි” ගීතය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්විණි.
නවකතා ද්විත්වයෙහි පළමු පිටපත් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක කරූ ජයසූරිය සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් වෙත කෘති පිළිගැන්වීම සිදු විය.
කමල් ගුණරත්න මහතා ලියූ “ඇහේ කඳුළැලි” ගීතය යසස් මැදගෙදර මහතා සංගීතවත් කර ඇති අතර ප්‍රවීණ ගායිකා අභිෂේකා විමලවීර මහත්මිය ගායනා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක අමාත්‍යාංශය විසින් රටට අවශ්‍යම දෙයක් සිදුකරන කොට අපි කවුරුත් සතුටු වෙන්න ඕනෑ...
'ඇහේ කඳුලැලි 'ජෙනරල් කමල් ගුණරත්න දේශපාලන ශාස්තෘවරුන්ගේ දූෂණයට සහ අවපාලනයට ස්තූතිවන්ත වෙමින් දිනපතා හඬා වැටෙන මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් ගැන විය යුතුය.
ඔහු මේ සඳහා හොඳම කෙනා , හි හි ..........
නැත.... බොහෝ දෙනෙකුට අමතකව ගිය 30 වසරක ත්‍රස්තවාදයට ගොදුරු වී දුක්විඳි මායිම් ගම්මානවල ජීවත් වූ සියළුම ජනවර්ගවල මිනිසුන් පිළිබඳව විය යුතුය.
ත්‍රස්තවාදීන් ට එරෙහි සටනේදී පෙරමුණේ සිටි වීරයන් අතින් රටට දැයට සමයට වචනයකින් හෝ හානියක් නොවන වග විශ්වාසයි. වර්ථමාන නායකයා නම් කොටි හුරතලේ පටන් අරන් ඉවරයි.
කමල්ලා යුද්ධ කරනකොට තොප්පිගල කැලයක් කිව්ව අයටම මේක පිළිගැන්වීම දෛවයේ සරදමක්ද, නැත්නම් කමල්ලාගේ ලැජ්ජා නැතිකමද මට නම් නොතේරේ...!
ආරක්ෂක අමාත්‍යාංශය පුද්ගල ප්‍රතිරූප ගොඩනගන්න වැඩ කරන්න ඕනෑද? ගෝඨා උස්සලා තිබ්බේත් ඔය විදිහට තමයි.. අවසාන ඵලය...
කමල්ට සරමක්... රනිල්ට සායක්... අනේ මෙහෙමත් විලි ලැජ්ජා නැති අප්පුහාමිලා දෙන්නෙක්...
ඇහේ කඳුලැලි පිළිගන්වන්න තිබ්බේ ජනාධිපතිට නෙමෙයි රටේ ජනතාවට...
ජනාධිපති බයිලා කියනවා. ලේකම් සිංදු කියනවා. හෙංචයියලා අත්පුඩි ගහනවා. මිනිස්සු හුරේ දානවා.. මාරයි නේද?