IMG-LOGO

ආරක්ෂක ලේකම් උපදෙස් මත පොලිස් මාරු 72 ක් අවලංගු කරයි

 

(තරිඳු ජයවර්ධන)

පොලිස් ස්ථානාධිපතිවරුන් 72ට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරු යළිත් අවලංගු කර තිබේ.

ස්ථාන මාරු පොලිස් පණිවුඩයේ සඳහන් කර තිබුනේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ස්ථාන මාරු කරන බවයි.

කෙසේ වෙතත් එම ස්ථාන මාරු නියෝගයෙන් පැය 48ක් යන්නට මත්තෙන් පොලිස්පතිවරයා තවත් පොලිස් පණිවුඩයක් නිකුත් කරමින් ස්ථාන මාරු අවලංගු කර තිබේ. 

ස්ථාන මාරු අවලංගු කිරීමේ නියෝගයේ සඳහන් කර ඇත්තේ ආරක්ෂක ලේකම්ගේ සහ පොලිස් කොමිසමේ උපදෙස් පරිදි ස්ථාන මාරු අවලංගු කරන බවයි.
 



අදහස් (9)

ආරක්ෂක ලේකම් උපදෙස් මත පොලිස් මාරු 72 ක් අවලංගු කරයි

Mahee Sunday, 06 January 2019 08:13 AM

අනේ මෙහෙමත් ජෝකර්ලා. කී වතාවක් නම් ඔහොම වුණාද?

:       0       1

ජයන්ත මිලානෝ Sunday, 06 January 2019 10:30 AM

ජෝකර්ලාගෙන් පිරුණු රටක්...

:       0       85

පෙරුමාල්Sunday, 06 January 2019 04:32 PM

ඉතින් පිස්සු කිව්වේ බොරුවටද?

:       0       1

රවින් Sunday, 06 January 2019 11:20 AM

පොලිස් කොමිසම කියන්නේ නිදහස් කොමිසමක්ද? ආරක්ෂක ලේකම්, ඇමති නිදහස් කොමිසමට වඩා ඉහළින්ද ඉන්නේ? පොදුජන හිත සුව පිණිස පැහැදිලි කරන්නකෝ? පිළිතුර ව්‍යවස්ථා කොමිසමෙන් විමසා බලා පළකළොත් වඩාත් සුදුසුවේ.

:       70       132

ගලබොඩ අත්තේ චමින්ද Sunday, 06 January 2019 12:45 PM

මෙය ජනපතිගේ නීතිවිරෝධී ක්‍රියාවක්... ඒ වගේම සදාචාර විරෝධී දෙයක්. එජාපය ඇතුලේ ගහගන්නේ නැතුව මේ දේවල් සඳහා ඉදිරියට පැමිණිය යුතුයි. කාටවත් නීතිය නවන්න ඉඩ දිය යුතු නැහැ. ජනපති රජයෙන් පිලිගැනීමක් මේ කරන්නේ...

:       269       316

NishanMonday, 07 January 2019 07:33 AM

යහපාලනයක් ගේනවා කියලා ජනාධිපති කලේ රට මුලා කිරීමක් කියලා දැන් පැහැදිලියි නේද? එයා විසින්ම යහපාලනයේ මූලධර්ම අමුඅමුවේ වනසනවා.

:       32       51

iron Sunday, 06 January 2019 12:51 PM

පොලිස්පතිතුමාගේ වැඩ අවුල් කරන්න... ඒ වගේම රටේ සාමය අවුල් කරන්න ගෙනයන වැඩපිළිවලක් ලෙස මම මෙය දකිනවා. ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කරපු රටක මෙවැනි දේවල් විශ්මයක් නොවේ. මේ සියල්ලටම ඡන්දෙන් මහජනයා පිළිතුරු දේවි...

:       124       108

ගල්කටස් Sunday, 06 January 2019 02:14 PM

ඔය ඔක්කොම කොමිසම් එකයි.. අර සංස්ථාවල සභාපතිවරු පත්කරනවා වගේ ඕවටත් සාමාජිකයින් පත් කරන්නේ අපේ මංත්‍රීලම තමයි.. එ් නිසා ඕවයින් ඔය කියන ස්වාධීන බවක් ලබාගන්න බැහැ.. බලය තියෙන කණඩායමට එ් අයගේ සහයෝගය ලැබෙනවා. නැත්නම් සාමාජිකත්වය අහොසි කරනවානේ. ඕවත් නිකන් ජනතාව රවටන්න හදපු එවා පමණයි. පෙරට වඩා වැඩියෙන් දැන් කඩේයාමක් තමයි වෙන්නේ...

:       10       234

canada dissa Tuesday, 08 January 2019 12:22 AM

කවුද මේවා සාධාරණීය කරණය කරන්නේ ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 95 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1021 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site