
(යොහාන් භාසුර)
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (07) පස්වරුවේ රැස්විය.
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සභාපතිවරයා වශයෙන්, මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිළිගත්හ.
රටේ ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය, වර්තමානයේ ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇති කරුණු හා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලු සහ යෝජනා රැසක් මෙහිදී සාකච්ඡා කළේය.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය යටතට අයත් ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මොන ආරක්ෂාවක් ද ? දේශපාලකයන්ගේ හා ඔවුන් සම්බන්ධ අයගේ නම් ආරක්ෂාව ඉහටත් උඩින් .. ගෙදර තියෙන ගෑස් ටැංකියෙන් වත් ජනතාවට ආරක්ෂාවක් නැහැ.
නොදන්න දේවලට ගිහින් වරිගෙ නහගන්නවාට වැඩිය දන්න දේ කිරීම හොඳයි කිව්වලු...