
(උපුල් තම්මිට)
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මහවැව සංචාරක බංගලාවේ නවාතැන් ගැනීමට පැමිණි පිරිසක් විසින් කලහකාරී ලෙස හැසිරීමෙන් රජයේ දේපළ රැසක් විනාශ වී ඇතැයි වනෝද්‍යාන ආරංචි මාර්ග පෙන්වාදෙයි.
ඊයේ (18) රාත්‍රිය ගතකිරීමට පැමිණි ආරක්ෂක අංශවලට සම්බන්ධ පිරිසක් මහවැව සංචාරක බංගලාවේ මුරකරුට හා ස්වේච්ඡා මාර්ගෝපදේශකයාට පහර දීමෙන් පසුව ආරක්ෂාව පතා ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ එහි නිලධාරීන්ට වාර්තා කර තිබේ.
පසුව පහර දීමට සම්බන්ධ පුද්ගලයන් අද (19) උදෑසන වනෝද්‍යානයෙන් පිටව යෑමට පැමිණි අවස්ථාවේදී උද්‍යානයේ නියෝජ්‍ය භාරකරු රත්නායක මහතාට ද තර්ජන එල්ල කර ඇත.
පසුව යුද හමුදා පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව යුද හමුදා පොලිසිය පැමිණ ගැටුමට මුල්වූ ආරක්ෂක අංශ නිළධාරීන් පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
මේවනවිට ඔවුන් නොච්චියාගම පොලිසියේ කටඋත්තර ලබාදීම සටහන්කර ගනිමින් පවතී.
මහවැව සංචාරක බංගලාවේ පිගන් ඇතුළු ගෘහ භාණ්ඩ රැසකට හානි සිදුවී ඇතැයි විල්පත්තු වනෝද්‍යාන ආරංචි මාර්ග පෙන්වාදෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ගොඩක් අය ආරක්ෂක අංශවල අයට සළකන්න දන්නේ නෑ. ඔවුන්ට ගරු කරන්නේ නෑ. ඔවුන් තරහ ගන්නේ, කේන්ති ගන්නේ ඒකයි. ගම්වලදි වුණත් සමහර සිද්ධි වෙන්නේ ඔවුන්ට යටහත් පහත් නොවෙන නිසා. කාන්තාවන් වුණත් තමන්ට පොඩි දෙයක් වුණත් ආරක්ෂක අංශවල අය නීතියට අල්ලලා දෙන්න හදනවා.
අලාභය අය කරගන්න. නැවත කවදාවත් එන්න දෙන්න එපා.
අනිවාර්යයෙන් දවස් 14ක් දාලා රෙස්ට් එකක් දෙන්න ඕනේ මේ අයට... පොදු දේපළ විනාශ කළේ කාගේ හයියෙන්ද?
මේ උදවිය මත්වතුර හොඳින් සප්පායම් වී තියෙන්නට ඇති.
මෙන්න මේ වගේ අයට තමයි දෙපා සත්තු කියන්නේ... වන සතුන් මීට වඩා හොඳයි..
ඔය වගේ නරුමයින්ව පණපිටින් යවන්න හොඳ නැහැ. අපිට ඔය "පිස්සන්ව" අහුවුණා නම්. ගහලා කැලෑවට ගෙනිහින් ගැට ගහලා එනවා. මේ දවස්වල සත්තුත් බඩගින්නේ ඉන්නේ. දානයක් දුන්නා කියලා හිතාගන්න. හිතාගෙන ඉන්නේ ලෝකෙට ලොක්කෝ උන් කියලා.
ඇයි ඔය අයට යන්න ඇරියේ...? ගමේ කොල්ලෝ කට්ටියට කිව්වා නම් සම්බෝල හදනවා. මීට පස්සෙවත් ඒ බව මතක තියාගන්න. අද අපි මේ බව සංචාරක බංගලාවේ මහත්වරුන්ට දැන්වූවා.