
(යොහාන් භාසුර)
රට තුළ මේ වන විට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කර බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසීය.
රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ කටයුතු සඳහා පමණක් මාර්ගගතව වෙන්කරගත් සේවාලාභීන් සඳහා පමණක් වේරහැර රියදුරු බලපත්‍ර කාර්යාලය, ගම්පහ සහ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල බ්‍රහස්පතින්දා දින විවෘත තබන බවත් රියදුරු බලපත්‍ර සඳහා ලබන 1 වැනිදා දිනය සහ වේලාව වෙන්කරගත් සේවාලාභීන් ලබන සඳුදා, අඟහරුවාදා සහ බඳාදා පෙරවරුවේ පැමිණීමෙන් සේවය ලබාගත හැකි බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් සඳහා කාර්යාලයීය රාජකාරි දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා 0707677877 (වාහන ලියාපදිංචි කිරීම සහ පැවරීම) සහ 0707677977 (රියදුරු බලපත්‍ර) යන දුරකථනවලට ඇමතීමෙන් ලබාගත හැකි බවත් කාර්යාලයීය රාජකාරි වේලාවෙන් පසුව Whatsapp/Viber/SMS පණිවුඩ ඔස්සේ කරුණු විමසිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd