IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආයුර්වේද වෛද්‍යවරු ‘ඩැට්’ ඉල්ලති

(යොහාන් භාසුර)

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට හිමිවිය යුතු ‘ඩැට්’ දීමනාව ඇතුළු වෛද්‍ය දීමනා වාහා දෙන ලෙස ඉල්ලමින් රජයේ අයුර්වේද වෛද්‍ය්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව රාජගිරිය ආයුවේද වටරවුමේදී අද (3) විරෝධතාවක් පැවැත්වීය.

“සේවය කැපයි දීමනාව අකැපයි - ආයුර්වේද වෛද්‍ය අයිතීන් වාහා සුරක්‍ෂිත කරනු සහ බලධාරිනි වෛද්‍යවරුන්ගේ අමතර දීමනා වාහා ලබාදෙනු” ආදි පාඨ සටහන් කළ පුවරු රැගෙන ඔවුහු විරෝධය දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (3)

ආයුර්වේද වෛද්‍යවරු ‘ඩැට්’ ඉල්ලති

de silva Wednesday, 03 July 2024 06:55 PM

බලාගෙන පරිස්සමින් වේද මහත්වරු , වේද නෝනලා , රනිල් හමුගේ පොලිස් වතුර බවුසරේ මග එනවා ඇති එකෙන් හොඳට නනකොට , රාළහාමිලගෙන් හොඳ බටන්පොලු සංග්‍රහයක් ලැබේවි , ගෙදර ගිහින් තෙල් ගාලා අතගාගන්න , ඩාට් කෙසේවෙතත් වැටුපට හෙට අනිද්දා බදු එකනම් වදීවි ,

:       0       0

කෞෂල්‍ය Thursday, 04 July 2024 08:42 AM

රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක රාජ්‍ය සේවකයො රු 20,000 ක පඩි වැඩි වීමක් ඉල්ලුවා . රජය 10,000 ක් වැඩි කලා. 50 %. මාසික මුලු වැටුප රු 75,000 ට අඩු බහුතරයක් රාජ්‍ය සේවකයෝ රට ගැන හිතල ඒක පිලිඅරගෙන හිටියෙ. ඒක අස්සෙ ජාතික වැටුප් ප්‍රතිපත්තියේ වියවුල් ඇති කරපු, රටේ කෘෂිකර්මාන්ත්ය වට්ටපු, 1990 ගිලන් රථ සේවයට විරුද්ද උන හැම දාම වගේ රටේ ප්‍රශ්න ඇති කරන, තමන්ගෙ මඩිය විතරක් තද කර ගත්ත, එතකනුත් අවම වැටුප රු ලක්ෂ 2ක් ගත්ත,අඩුම පොළියට ණය ගන්න,කිසිම රට වැසියෙක්ට නොදෙන වාහන රක්ශන වට්ටම් ගන්න GOMA නඩය රජය දුන්න රු 10,000 ට අමතරව හොරෙන්ම තව රු 35,000 ක් වැඩි කර ගත්ත. ඔතනින් තමා මේ ප්‍රශ්න සියල්ල පටන් ගත්තෙ. අනිත් වෘත්තීන් දැන් වැටුප් වැඩිවීමක් ඉල්ලීම අන්තිම සාධාරණයි. දොස්තරලට විතරක් දෙනවනම් අනිත් අයටත් දෙන්න ඔනි. මොකද රටක් දුවවන්නෙ දොස්තරල විතරක් නෙවෙයි. එහෙම හිතන් හිටපු නිසා තමා රට මේ තත්වය්ට වැටුනෙ. ආර්තිකයට ඍජුවම දායක වෙන මහාචාර්යවරු, ආර්තික විද්වතුන්, ඉංජිනෙරුවරු, කෘශි කාර්මික විශේෂඥයන් සියල්ලම වගේ අවුරුදු ගානකට පෙරම රට හැරදා ගියේ

:       0       7

Asanka Thursday, 04 July 2024 09:56 AM

කෞෂල්‍ය මහතා 100% ඇත්ත කතාව

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site