
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච් එම් ධර්මපාල )
තියුණු ආයුධ තොගයක්, ටි 56 ගිනි අවියක අනුරුවක් සහ මත්ද්‍රව්‍ය සමඟ ව්‍යාපාරිකයෙක් කොහුවල කළුබෝවිල නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
සැකකරු සමඟ කඩු අටක් , කිනිසි තුනක් , ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කළ ටී 56 ගිනි අවියක අනුරුවක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක් , හා ගංජා මිශ්‍ර මත්ගුලි ග්‍රෑම් 5ක් පොලිස් බාරයට ගෙන ඇත
කලුබෝවිල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් හැරිසන් මහතාට ලද තොරතුරක් අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති එස් යු කේ ලියනආරච්චි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු පරික්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය සොයා ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
අනතුරුව සැකකරුට අයත් නිවස සහ වාහන පිළිබඳ කිරීමේ ස්ථානය මෙන්ම ගරාජය පරික්ෂා කිරීමේදී එහි තැන තැන සඟවා තිබූ මෙම තියුණු ආයුධ තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය සඳහන් කරයි
සැකකරුගෙන් මෙම තියුණු ආයුධ ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී පරස්පර අදහස් ප්‍රකාශ කර බව පොලිසිය කියයි
කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා මේවා ගබඩා කර තබාගන්නට ඇතැයි බවට සැක කරන බව වැටලීම සිදුකළ නිලධාරියෙක් පැවැසීය
වයස අවුරුදු හතළිස් නවයක් වන සැකකරු නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එච් හැරිසන් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ එල් ඒ එස් යු කේ ලියනාරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd