(ඉන්දිකා රාමනායක)
කොටුව දුම්රිය ස්ථානය අසළ විරෝධතාවේ නිරතව සිටින ආබාධිත රණවිරුවන් අතර සිටි එක් රණවිරුවකු අද (19) එහි තිබූ විදුලි කණුවක නැග ගත් අතර, ගිනි නිවන හමුදාව විසින් පසුව ඔහුව බේරාගන්නා ලදී.
මේ සිද්ධිය හේතුවෙන් ඊයේ පස්වරුවේ කොටුව දුමිරිය ස්ථානය අසළ උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
ඔහුට බිමට බහින ලෙසට අවට පිරිස කෑ ගසා ඉල්ලීම කළ ද ඔහු එම ඉල්ලීමට කන් නොදී විදුලි පහන් කණුවේ ඉහළට නැග එහි එල්ලී සිටියේය. ඔහුට විදුලි සැර වැදීම වළක්වා ගැනීමට කොටුව පොලිසිය වහාම සිද්ධිය කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ ඒකක වෙත දැනුම් දුන්නේය.
ඒ අනුව එම ස්ථානයට 163 නැමැති ගිනි නිවන රථය හා බටයන් කිහිප දෙනෙක් පැමිණි අතර, දොඹකරය ආධාරයෙන් විදුලි පහන් කණුව වෙත ගොස් එහි ඉහළ රැඳී සිටි හමුදා සෙබළා පහළට රැගෙන ඒමට කටයුතු කළහ. පසුව ඔහුව එම ස්ථානයේ සිටි කොටුව පොලිස් නිලධාරීන් වෙත බාර දුන්හ.
පොලිසිය විසින් එම රණවිරුවාට අවවාද කරමින් රණවිරුවන් රැඳී සිටින අට්ටාලය වෙත කැඳවාගෙන ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දෙදී, කිසියම් මොළේ ආබාධයකට ලක්වුන පුද්ගලයෙක්ද? මම දන්නා මියගිය හමුදා නිලධාරීන්ගේ බිරින්දෑ වරු ඕනා තරම් ඉන්නවා. සමහර අයට නිවාස පවා හදාදී තිබෙනවා. පවුල නඩත්තු කිරීමට ප්‍රමාණවත් විශ්‍රාම වැටුපක් ලැබෙනවා. මෙතන තිබෙන්නේ පසුගිය රජය හෝ මේ රජය පිළිබද ප්‍රශ්නයක් නොවේ. දේශපාලකයින්ගේ කටු කන අය පිළිබද ප්‍රශ්නයක්.
මොනවා, මේ මනුස්සයා ආබාධිත නැහැ වගේනේ..?
දේශපාලන හෙන්චයියෝ. දන්නෝ දනිති.
අබාධිත නම් කණුවට නගින්නේ කොහොමද?
අබාධිතයෙක් වුනත් හොඳ දක්ෂයෙක්නේ .
ආසිරි, අසාමාන්‍ය දේවල් කරන්න හැමෝටම බෑ... ඒ නිසයි ඔබ අප සහ ඔවුන් අතර වෙනස..
උපුටාගැනිමක්"සැබවින්ම රණවිරුවා සටන් කළේ සටන් බිමේ තමන්ට ජීවය ලබා දුන් සරත් ෆොන්සේකා,කොබ්බෑකඩුව, විජය විමලරත්න වැනි අභීත සෙන්පතියන් දුන් නායකත්වය නිසාය. එම නායකත්වයෙන් ඔද වැඩුණු රණවිරුවෝ නිවැරදි සැලසුම් සහිතව තමන්ට හිමි රාජකාරිය අකුරටම ඉටු කළහ. මේ රට ත්‍රස්තවාදයෙන් අත් මිදුනේ රණවිරුවා තමන්ගේ රාජකාරිය නිවැරදිවම කළ නිසාය. රණවිරුවා කෙරෙහි රටේ ජනතාව තුළ පවතින්නේ ඉමහත් ගෞරවයකි. එහෙත් එම ගෞරවය විනාශ කර රණවිරුවා මිනීමරුවෙක් බවට පත් කළේ දේශපාලඥයින් විසිනි. ඔවුන් විසින් තම බලය යොදා තමන්ට එරෙහි පිරිස් මර්දනය කිරීම සඳහා හමුදා සෙබළුන් යොදා ගත්තේ බලහත්කාරයෙනි. ඒ දේශපාලුවෝ අද අව්වේ වේලෙන අබාධිත රණවිරුවන් බලන්නවත් එන්නේ නැත. ඒකයි තිත්ත ඇත්ත "