
(එච්. චන්දන)
ලෝක තෙත් බිම් දිනය නිමිත්තෙන් ආනවිළුන්දාව රැම්සා තෙත් බිමෙහි සිටුවන ලද කඩොලාන පැළ 1000කට වැඩි ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් ගලවා විනාශ කර දමා ඇතැයි ආනවිළුන්දාව වන ජීවී කාර්යාලය කියයි.
ඉකුත් පෙබරවාරි 02 වැනි දිනට යෙදී තිබුණු ලෝක තෙත් බිම් දිනය වෙනුවෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සංවිධානය කර තිබූ මෙම ජාතික උත්සවය එදින ආනවිළුන්දාව තෙත් බිමේදී පැවැත්විණි.
මෙම ස්ථානය නිරීක්ෂණයට අද එහි ගිය වන ජීවී නිලධාරින්ට මෙම කඩොලාන පැළ ගලවා දමා ඇති අයුරු දක්නට ලැබුණු අතර එයින් විනාශ වී මිය ගොස් නොතිබුණු පැළ යලි රෝපණය කිරීමට ඔවුහු කටයුතු කළහ. මේ පිළිබදව ආරච්චිකට්ටුව පොලීසියට පැමිණිලි කරණ බව ද වන ජීවී නිලධාරීහු සඳහන් කළහ.
වනජීවි රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතාට අමතරව පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනයකරමින් වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතා සමඟ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත, පිරිසර හා වන ජීවී ආමාත්‍යංශ ලේකම්වරුන්, වන ජීවී අධක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් කඩොලාන පැළ සිටවීමට එදින එක් වී සිටියහ.
මීට කලකට පෙර ඉස්සන් වගාවක් යොදාගෙන තිබූ මෙම බිම් කොටස් යලි රජයට පවරාගෙන මෙම කඩොලාන සිට වූ අතර එම බිම් කොටස්වලින් කොටසක් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා මුතුපන්තියේ ධීවරයෝ පිරිසක් මෙදින විරෝධතාවයක ද නියැලුණහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටවන්න ආවා වගේම ගලවපු එක පිටුපස්සෙත් ඇත්තේ ඔක්සිජන් නැතිව ජීවත් වෙන්න පුළුවන් ඇමැතිගේ හෙංචයියන් වෙන්න ඇති.
මේ වගේ තිරිසනුන් ජාතියක්.. කවුරු කරත් ඉතාම නින්දිත මෙලොවදීම ප්‍රතිඵල ලැබෙන පාප කර්මයක්.
පුදුම පිළිකුලක් දැනෙන්නේ වත්මන් පාලකයන් ගැන. මේ වගේ පරිසරය විනාශ කරන අය අල්ලගන්න බැරුව සහරාන් වගේ කෙනෙක් ආයෙත් ආවොත් කොහෙන් අල්ලන්නද?
මට පේන්නේ මේවට රජයේ ඉහළ අයත් සම්බන්ධ ඇති.. නැතිනම් පහළ අය මේ වගේ දේවල් බයක් නැතිව කරාවිද?
අනේ අපි පත්කරගත්තු ආණ්ඩුවක්... නොදකින් විතරක්...
මේ කැලෑවල් එළිකරලා හොඳ හෝටල් ගහලා විදේශිකයන් ගෙන්නලා, රටට විදේශ විනිමය ගෙනැල්ලා රටේ ආර්ථිකය දියුණු කරන්නයි මේ හදන්නේ.. මේවා ඉතා හොඳ වැඩ..!!!
දේශපාලන පිශාචයින් ඉන්නකම්නේ රට ගොඩ ගන්න අමාරු. ඒ වගේම ඒ පිශාචයින්ට ගොටු අල්ලන මනුස්සයින් විදියට ඉන්න ජරාජීර්ණ කුම්භාණඩයින් ඉන්නකම් පිශාචයින් එලවන එක ලේසි වෙන්නේ නෑ.
පෙන්නන්නේ නම් පරිසර හිතකාමී කියලා. කරන්නේම පරිසරය විනාශ කරන එක. මෙහෙමත් මිනිස්සු එක්ක අපට ජීවත් වෙන්න වුණානේ...
පරිසරය රැකගන්න කැපවීම තියෙන ඉතා සුළු ප්‍රමාණයක් වන ජනමාධ්‍ය ටික හා ජනතාව අන්දන්න කරන වැඩ මේ. ආයෙත් අලුතින් හිතන්න දෙයක් නැහැ. අපේ පරිසරය වනසන්නේ මේ රජයම තමයි. එක එක්කෙනාට ඇඟිල්ල දික් කරකර ඉඳලා වැඩක් නැහැ. ප්‍රශ්නේ මුලටම විසඳුම දෙන්න ඕනෑ. නිදහසෙන් පස්සේ තියෙන ඉතාම දුර්වල, අසාර්ථකම රජය තමයි දැන් තියෙන්නේ...
තාමත් අපි රෙස්පෙක්ට් සර්... නේද මෙයා?