(රංජන් කස්තුරි)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු කාර්තුවේදී ඉලක්කගත බදු ආදායම ඉක්මවා ආදායම් උපයා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු කාර්තුවේදි ඉලක්කගත ආදායම ඉක්මවා සියයට 105ක ආදායමක් උපයා තිබෙන බව ද රංජිත් සියඹලාපිටිය මහතා කීය.
එමෙන්ම මේ වසරේ පළමු කාර්තුවේදී අපේක්ෂිත ආදායමෙන් රේගුව සියයට 89ක ද සුරාබදු දෙපාර්තමේන්තුව සියයට 64ක ද බදු ප්‍රමාණයක් උපයාගෙන තිබෙන බව ද සියඹලාපිටිය මහතා කීවේය.
සුරාබදු ආදායම අඩුවීමට හේතූන් තිබෙන බව ද එහිදී රංජිත් සියඹලාපිටිය මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරාබදු හා රේගු බදු අඩුවෙන්නෙ ඔවුන් පගාගහන නිසා සහ සංකීර්ණ සුරාබදු බලපත්‍ර දීමේ ක්‍රමවේදය නිසා. මේවා සරල කරන්න. එතකොට මිනිස්සු පගාව දෙන එක නවතලා කෙලින්ම බලපත්‍ර ගාස්තු ගෙවලා බලපත්‍ර ගනීවි.
ඔයිට වඩා ලොකු ආදායමක් උපයා ගන්න තිබුනා ජනතාව වැටුප් ගන්න දින බලලා දෙකේ දෙකේ පොලු අදායම් බදු නිධාරින්ට දීල මගදී ගහල ගන්න කීවාන් නම්. බලෙන් උදුරා ගත්ත සල්ලි ආදායම හැටියට පෙන්නලා සතුටුවෙන්න පුළුවන්ද?
රේගු, සුරාබදු සහ ආදායම්බදු නිලධාරියෝ අල්ලස් ගන්නේ නැතුව රාජකාරිය නිසිසෙලන කරනවා නම් අපේ රටට කිසිම ආර්ථික ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ලෝකේ මෙම දෙපාර්තමේන්තු නිසිලෙස ක්‍රියාත්මක වෙන රටවල් අනිවාර්යයෙන්ම දියුණු වෙනවා. අනෙක් රටටවල් හැමදාම දුප්පත්.
මුං ලගදිම මිනිස්සුන්ගෙ ඉවසීමාවත් පැනගන්නවා ඊට පස්සේ තමා කට්ටියට බලාගන්ඩ වෙන්නෙ