(අංජුල මහික වීරරත්න)

​ළමාවිය මුහුණ දෙන නූතන සමාජ හා තාක්ෂණික අභියෝග හමුවේ දරුවන්ගේ චිත්තවේගීය ආරක්ෂාව, මානසික යහපැවැත්ම සහ ආත්ම විශ්වාසය තහවුරු කිරීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

රජය ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දී තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍යවරිය කීවාය.

​කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්වීමෙන් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව සංවිධානය කළ ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශ්‍රවණාගාරයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

​“මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ පැවැති මෙම උත්සවයේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය:

​“ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය හරහා අධ්‍යාපනයට ලැබෙන ප්‍රයෝජන මෙන්ම, සයිබර් හිරිහැර සහ නොමඟ යවන සුළු අන්තර්ගතයන්ගෙන් දරුවන් මුහුණ දෙන පීඩනයන්ගෙන් ඔවුන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීතිමය සහ ආරක්ෂක රාමු ශක්තිමත් කිරීමට රජය පියවර ගනිමින් තිබෙනවා. ඒ අනුව දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් සහ මානසික හිංසනයන් වැළැක්වීම සඳහාත්, දරුවාගේ ගෞරවය සුරක්ෂිත වන විනයානුකූල ක්‍රම ප්‍රවර්ධනය කිරීමටත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ අපි ක්‍රියාත්මක කරමින් තිබෙනවා යනුවෙන්ද පැවසුවාය.