
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවේ වියරු දේශපාලන බලයට කිසිසේත් යටත් වන්නේ හෝ බිය වන්නේ නැතැයි පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට පොදු ජන පෙරමුණේ අනුරාධපුර රැළියට සංදේශයක් එවමින් සඳහන් කරයි.
අපගේ අධිෂ්ඨානය සිරගත කළ නොහැක.කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ යකඩ කූරු අතරින් මම ඔබ දකිමි යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව ඉදිරිමාන්න මහතා නාමල් රාජපක්ෂ මහතා එවූ එම සංදේශය ජන රැළියට ඉදිරිපත් කළේය.
එම සංදේශයෙන් නාමල් රාජපක්ෂ මහතා මෙසේද කියයි.
ආදරණීය දෙමාපියනි, සහෝදර සහෝදරියනි,. ඔබ විසින් මා වෙත පළ කරන මේ ලෙන්ගතු සහෝදරත්වයේ උණුසුම මම මෙහි සිට අත්විඳිමි. ඔබගේ මේ උද්යෝගිමත් සහයෝගය මට ඉමහත් ආස්වාදයකි. මේ අභියෝගාත්මක මොහොතට මම ඉතා ශක්තිමත්ව මුහුණදෙමි. ඔබ වැනි වීරවන්තයින් සහිත දේශපාලන ව්‍යාපාරයක් මෙහෙයවීමට ලැබීම මා ලද භාග්‍යයකි. ජනසටන මහ රැළිය මෙරට පොදුජන සටන් ව්‍යාපාරයේ තීරණාත්මක අලුත් ආරම්භයක් වනු ඇත. අපි මේ අවතීරණ වී සිටින්නේ යුගයේ යුක්ති සහගත ම දේශපාලන සටන් අවකාශය වෙතටයි. ඔබ මා සමඟ එකඟ වනු ඇත.
ශ්‍රේෂ්ඨ ලෝක නායකයෙකු වූ නෙල්සන් මැන්ඩලා, රොබ්න් දූපත් සිර මැදිරියේ සිට ලියූ ලිපියක මෙසේ ලියා තිබුණි. “Difficulties break some men but make others.” දුෂ්කරතා ඇතැමුන්ව බිඳ දමයි. නමුත් දුෂ්කරතා විසින් ඇතැමුන්ව ගොඩනඟයි. අපි දුෂ්කරතා හමුවේ තව තවත් ශක්තිමත් වූ මිනිසුන් ය. අභියෝග අභියසදී වඩාත් ශක්තිමත් වීමේ පාඩම මට කියා දුන්නේ මගේ තාත්තාය.
ජන වරමට ගරු කිරීම, ප්‍රතිපත්තිවලට වග වීම, තීරණවලට හේතු දැක්වීම, ආණ්ඩුකරණයේ දී නොසලකා හැරිය නොහැක. නමුත් මේ ආණ්ඩුවට එවන් සදාචාරයක් නැත. වර්තමාන මාලිමා ආණ්ඩුව කියූ දේ නොකරයි. නොකියු දේ කරයි. රටේත් සමස්ත පුරවැසි සමාජයේත් සැබෑ අභිලාෂයන් නොතකා සිටී.
මාලිමා ආණ්ඩුවේ සියුම් සංස්කෘතික ප්‍රහාරය ද අපි තේරුම් ගත යුතුව ඇත. තම තමන්ගේ අන්‍යනතාවයන් රැකගෙන සියල්ලන් සමඟ එකට ජීවත් වීම මහජන අපේක්ෂාවයි. නමුත් එවැනි දියුණු සංහිඳියා ප්‍රවේශයක් ආණ්ඩුවට නැත. වාර්ගික සුහදත්වය සහ ආගමික සහජීවනය වෙත ආණ්ඩුවට ඇත්තේ ඉතා නොදියුණු ප්රවේශයකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd