
(ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙනේ හිමිවරුන 18 දෙනකුට කොරෝනා ආසාධනය වි ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි රවි අබේරත්න මහතා පවසයි.
මෙසේ කොරෝනා ආසාධනය වී ඇත්තේ සරණංකර පිරිවනේ නේවාසිකව අධ්‍යාපනය හදාරණ සිසු සාමණේර හිමිවරුන් පිරිසක් බව කියයි.
වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 65 කට ආසන්න පිරිසක් සිටින අතර ගිහි කුඩා දරුවන් 10 ක් සිටින බව පවසයි.
කොරෝනා ආසාධිත සාමණේර හිමිවරුන් මේ වන විට වෙන් කර ප්‍රථිකාර ලබා දිමට සෞඛ්‍ය උපදෙස් මත ක්‍රියාකරන බවත් කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලවයස්කාර දරුවන් ඉන්න නිසත්, ඔවුන් ට මා පිය රැකවරණය නැති නිසා මෙවැනි ස්ථානවල රෝග පැතිරීම ඉක්මන් වෙන්න පුළුවන්.
කරුණාකර මෙම බොදු ආයතනයට ආධාර සපයා දෙන්න ,කොවිඩ් ආසාධිත හිමිවරුන් බේර ගන්න