(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව තොනිගල ප්‍රදේශයේ දී කැබ් රථයක් අනතුරට ලක්විමේන් ආණමඩුව ප්‍රාදේශීය සභාවේ පොදු විපක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනකු තුවාල ලබා ආණමඩුව හා පුත්තලම මූලික රෝහල් වෙත ඇතුළත් කළ බව ආණමඩුව පොලිසිය කිියයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය හා පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ නියෝගය කරමින් ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් ලෙස කටයතු කරන තිදෙනෙකී.

අදාල මන්ත්‍රිවරුන් තිදෙනා ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභා වාරය අවසන් වී කිසියම් පුද්ගලික කටයුත්තක් සදහා ගමන් කරමින් සිටියදි ඔවුන් ගමන් කල කැබ් රථය කිසියම් හදිසි කාර්මික දෝෂයකට ලක්ව එය ධාවනය කරමින්සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ පාලනයෙන් ගිලිහි ගොස් ගසක ගැටි තිබු බව කියයි.

අනතුරීන් එහි ගමන් කළ මන්ත්‍රිවරුන් සිව් දෙනකුගෙන් තිදෙනකු තුවාල ලබා තිබු බවත් රථය ධාවනය කළ මන්ත්‍රිවරයාට කිසිදු අනතුරක් සිදුවි නැති බවද පොලිසිය කියයි.