(අංජුල මහික වීරරත්න)
ලංකා ආණ්ඩුවට දැන් තිබෙන ඇත්ත ප්‍රශ්නය විදේශ විනිමය හිඟවීම මිස පොහොර රසායනික වීම නොවේ යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කාබනික පොහොර පමණක් භාවිත කිරීමේ ප්‍රතිඵලය නිෂ්පාදනය අඩුවීම බව කී වික්‍රමසිංහ මහතා එම අඩුව පිරිමසා ගැනීමට රටින් ගෙන්වන සහල් වලට යොදා ඇත්තේ කුමන පොහොරදැයි ප්‍රශ්න කළේය.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයක දී මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසූයේ ලෝකයේ කාබනික පොහොර භාවිත කරන්නේ කෘෂිකර්මාන්තයට යොදවන ඉඩම් වලින් සියයට 1.5 ක පමණක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට සල්ලි තියෙනවා. තව අච්චු ගහන්නත් පුළුවන්...!!!
නගුටෙන් අදින්න එපා මහත්තයෝ. හඳුන්වාදුන් පරිවර්තනයේ සංක්‍රාන්තියට කාලය ටිකක් දෙන්න. කාලය ඇවෑමෙන් රටින් ගෙනෙන සහල් නවත්වන්නට පුළුවන් වේවි..!!!
කුඹුරුවල මල් හිටවපං කියපු මිනිසෙකු පොහොරක් ගැන කුමක්නම් කියන්නද? මෙතුමා පාලනයේ හිටියා නම් මේ බරපතල අවධියේ රටට වෙන්න තිබුණු දේ හිතාගන්නත් බෑ...
පරිසර දූෂණය නිසා ඩීසල්, පෙට්‍රල් ගෙන්වීම නවතනවා. ළඟදීම...
මෙයාගේ තියෙන දැනුම වැඩි නිසා තමයි 0 ට බැස්සේ... මෙයාට සල්ලි හොයාගන්න එතරම් අමාරු නැහැ. බැංකුව තියෙනවා. ශ්‍රී ලංකාව තියෙනවා. ඉතින් මොනවද කරන්න බැරි..?
69 ලක්ෂයක් මීහරක් ඉන්න නිසා කාබනික පොහොර නිෂ්පාදන අතිරික්තයක් ඇතිවෙලා පිටරට අපනයන කරන්න පුළුවන්...
කාබනික පොහොර හොඳයි. නමුත් මේ ක්‍රමය වැරැදියි. මෙය ක්‍රමානුකූලව පසට හුරු කළ යුතුයි. එකවරම ප්‍රතිඵල ලබාගත නොහැකියි. මෙය හුරුවීමට වසර 02ක් ගතවෙනවා.
ඕක අපි දන්නවා.. ඕකට හේතුවත් අපි දන්නවා. මොකද ඔහෙලා බලයට ඇවිත් ඩොලර් හොයන්නද? එ්කට විකුණන්නේ මොන වරායද? කොරෝනා නිසා අපනයන නැහැ. අපනයන නැති නිසා ඩොලර් නැහැ. මේ රටේ තිබුණු නිෂ්පාදන නැතිකරලා හාලුත් පිටරටින් ගෙනෙමු කිව්වේ අපිද?