
(අජන්ත කුමාර අගලකඩ)
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (28)රාත්‍රී පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක හමුව දැඩි උණුසුම්කාරී ස්වභාවයක් ගත් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සාකච්ඡාව ඊයේ පස්වරු 5.30ට පමණ ආරම්භ වී රාත්‍රී 10 පමණ වන තෙක් පැය හතර හමාරක් තිස්සේ පැවති නමුත්, අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව ද එම ආරංචිමාර්ග වලින් පැවසේ .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ ,ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ ,දිනේෂ් ගුණවර්ධන,ආචාර්ය බන්දුල ගුණවර්ධන ,ප්‍රසන්න රණතුංග,කෙහෙළිය රඹුක්වැල්ල , නාමල් රාජපක්ෂ ,පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරු ද ,ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙනුවෙන් ඇමතිවරුන් වන විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ඒ එල් එම් අතාවුල්ලා ,වීරසුමන වීරසිංහ ,ටිරාන් අලස්, ගෙවිදු කුමාරතුංග, අසංක නවරත්න යන මහත්වරු ද ,අතුරලියේ රතන හිමියෝ ද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ .
යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමියන් ,විමල් වීරවංශ ,උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර ,මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එම ප්‍රශ්නවලට පිළිතුරු දී ඇතැයි වාර්තා වේ.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම විසඳා ගන්නා ලෙසත්, එලියට නොගෙන යන ලෙසත් හවුල් පක්ෂවල නායකයින් ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ .
මේ අතර ,යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා තිබේනම් ,ලිඛිතව ඉදිරිපත් කරන ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා හවුල් පක්ෂ වල නායකයන්ට දැනුම් දුන් බවද වාර්තා වේ.
මේ අතර, ආණ්ඩුවේ හවුල් පක්ෂ අද (29) පස්වරුවේ පැවැත්වීමට සැලසුම්කර තිබූ "මහජන සභාව " රැස්වීම නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර ඇතැයි ද දැනගන්නට ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඕඩර් කරපු වාහන ටික එන්න පරක්කු නිසාද? නැතිනම් මෙයාලගේ වැඩෙන් මෙයාලගේ කුට්ටිය දුන්නේ නැතිනිසාද?
මේවාට තමයි ෂෝ කියන්නේ. හවුල්කාර පක්ෂවලට උවමනා කරල තියෙන්නේ රටට මෙනවා වුණත් තමනුත් ආණ්ඩුව ඇතුලේ සටන් කරනවයි කියලා තමන්ගේ දායකයින්ට දැනෙන්නට සලස්වලා අනන්‍යතාවයයි, ඡන්ද පදනමයි රැකගන්න. ඔය ගිවිසුමට මොනවත් වෙන්නේ නෑ. මේ ගොල්ලන් ආණ්ඩුව දාලා යන්නෙත් නෑ.
විස්සට අත උස්සලා, සම්මත කරලා දීලා, බැසිල්ව පාර්ලිමේන්තුවට ගෙනාපු දුක දැන් දැනෙනවාද? මෙහෙම තමයි 1978 දී.., ජේ.ආර්. ගේ විධායක බලතල සම්මත කරලා එක්සත් ජාතික පක්ෂය අද ඉල්ලන් කනවා...
තවත් මහා රඟපෑමක්... !!!
ඔතන ආචාර්ය නීතීඥ නාමල් රාජපක්ෂ ගෙනෙන යෝජනා සහ අදහස් පිළිගන්න. ඒවා රටට හිතකරයි...
කොපමණ ගිනි ගත්තත් පිච්චිලා මැරෙන්න වුණත් 1970 සිටම අපේ මිත්‍ර වාසු හා තුංමුල්ලේ මල්ලියා රට රවටන්න බොරු කළත් පිටට යන්නේ නම් නැහැ.. අනෙක් අයත් තනිව තරගකර ප්‍රාදේශීය සභාවක්වත් දිනන්න තරම් තනි ඡන්ද බලයක් නැති අය කියලා හිතෙනවා.
බොරු රඟපෑම් කරන්න එපා.. මේ රටේ මිනිස්සු ඔච්චර මෝඩ නැහැ. මිනිස්සු දැන් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ඒ ප්‍රශ්න ඕවාගෙන් වහන්න බැහැ. අයියෝ රටකට වෙච්චි දෙයක් කාට කියන්නද මේවා..?
දැන් එක ගහලා ඉවරයි... ඔයාලා කාලෙකින් හම්බ වුණේ නැති නිසා ආප්පයක් කාලා කහට කෝප්පයක් බීලා යන්න. නැතිනම් පරණ ලිපි ගොනු අවුස්සන්නත් පුළුවන්.. අනේද කියන්නේ දැන් අපි මේවා බලලා... සීනි 165ට කාලා ගෑස් නැතිව සිමෙන්ති 1400 කලු කඩෙන් අරන් බඩට කොන්ක්‍රීට් දාගන්නවා.