
(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුව තම අදහස්වලට ඇහුම්කන් නොදීම සම්බන්ධයෙන්, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් දැඩි කලකිරීමට පත්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .
යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන ලෙසට හවුල් පක්ෂ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඊට ආසන්නම හේතුව බව ද එම ආරංචිමාර්ග වලින් පැවසේ .
යුගදනවි බලාගාර ප්‍රශ්නය සම්බන්ධයෙන් හවුල් පක්ෂ ඉදිරිපත් කරන කරුණු සත්‍යයෙන් තොර බවත් ,දේශපාලන කාරණා සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෝ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළ හැකි බවත් ,ජනාධිපතිවරයා හවුල් පක්ෂ වල නායකයන්ට ඉකුත් සතියේ පිළිතුරු ලිපියකින් දැනුම් දුන්නේය .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ජාතික නිදහස් පෙරමුණ ,පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, අපේ ජන බල පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ගණනාවක් මෙලෙස කලකිරීමකට පත්ව සිටින බව වාර්තා වේ .
මේ අතර, ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයන් ටිරාන් අලස් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේ දී අද (23) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව සිටි බව ද ආරංචි මාර්ග සඳහන් කරයි .
ඇමතිවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, අසංක නවරත්න ,ටිරාන් අලස් ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ද එම සාකච්ඡාවට සහභාගි වීමට නියමිත සිටි බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනස්සල්ලෙන් ඉන්න එක ඇරෙන්න වෙන මොනවා කරන්නද? එළියට බහින්න කියලද?
ඔය කලකිරීම තියෙන්නේ වෙච්චි ගනුදෙණු වලින් ඒ අයට කොටසක් හම්බ නූනු එක... මිසක් මේ රට විකුණන එක ගැන කැක්කුමක්යෑ....
හවුල්කාර පක්ෂ පමණක් නොවේ මේ රජය පත්කිරීමට ඡන්දය දුන් නොදුන් බහුතරයක් දෙනා ඉන්නේ අන්ත අසරණව. රටක් ලෙස මිනිසුන් ඉන්නේ අපේක්ෂා රහිතව. මේ ගොල්ලන්ට තියෙන්නේ දේශපාලන ප්‍රශ්න. රට්ටුන්ට තියෙන්නේ ජීවිත ගැට ගසාගැනීමේ ප්‍රශ්න... හැමදාම කතා පෙට්ටි විතරයි.
ඕක ගැන කල්පනා කරන් තිබුණේ 20 සම්මත කිරීමට පෙර... පොහොට්ටු නායකයින්ගේ ඉලක්කය ඉදිරි අවුරුද් 3දී නඩු ටිකෙන් නිදහස් වෙලා සල්ලි ටිකත් අරන් රටින් පිටවෙන්න. දැන් ඔබලාගේ අවශ්‍යතාවයක් නොමැත. ජනතාව ඔබගැන කලකිරීමෙන් ඉන්න නිසා ඔබලාගේ දේශපාලන ආයුකාලයත් ඉදිරි අවුරුදු 3ට සීමා විය හැක.
එතකොට ජනතාව...?
අපි ඉන්නේ ඊටත් වඩා කලකිරීමෙන්...
මෙතන තියෙන්නේ රාජපක්ෂමේන්තුවක් මිස රජයක් නෙමෙයි..
අපි ඉන්නේ ඊටත් වඩා කලකිරිලා. ආණ්ඩුවේ තීරණ ගන්නේ කව්ද?.. සඳුදා පාසල් අරිනවා කියලා කියන්නේ සිකුරාදා හවසට... හරිම අපූරුයි... සියලු වැඩ කඩාකප්පල් කරන්න ආණ්ඩුව ඇතුලේම නියමෙට වැඩයනවා...
ඔය සේරම අමනාපකම් ඡන්දයක් එනතුරු විතරයිනේ... අපි දන්නේ නැද්ද ඔතන ඉන්න වැඩි දෙනා තනියම තරඟ කරලා එක ඡන්දයක්වත් ගන්න පුළුවන් කට්ටිය නෙවේනේ. පරපෝෂිතයින් කියන්නේ සද්ද කළාට අතහැර යන අය නොවේ...
අතීතයේ කළ විදිහට ඔබලාගේ ආදායම් මාර්ග සහ වරප්‍රසාද ආරක්ෂා වන විදිහට හිතලා හොඳ තීරණයක් ගන්න. ඉහළ ගිය ගෑස් සහල් සහ ඉන්ධන මිලෙන් පීඩිත වෙලා ඉන්න මම තීරණය කළා ඉදිරි ඡන්දවලදී ඔය පොහොට්ටු, බුලත් කොළ, අත් එකෙකුටවත් ඡන්දෙ නොදෙන්න. ඔය මොන දේ ඇතුළේ ඉන්නෙත් පරණ දූෂිත දේශපාලකයින් රොත්තක්...
දොළදුකක් පහළ වෙලා වගේ...
මේවා මේ කට්ටියම කතාවෙලා ජනතාව මුලාකරන්න කරනා උප්පරවැට්ටි ... මේ මොන සෙල්ලම් දැම්මත් අන්තිමේදී මේ අය නවතින්නේ ඒ ගොඩේමයි.
ඔක්කොමලාට පිටකොඳු තියෙනවා නම්... රජයෙන් අයින් වෙන්න.
වෙන් වෙන්න දැන් ළඟයි.. වෙන් වෙන්න බෑ දුකයි.
මට එම්. එස්. ප්‍රනාන්දුව මතක් වුණා...
ඔතනදි ජනාධිපතිතුමා කියපු එක කාරණයක් නම් හර... ඒ තමයි දේශපාලන කාරණාවක් කියපු එක... මොකද මේක චීනෙට දුන්නා නම් මේ ගොල්ලන් මෙච්චර කෑ ගහන එකක් නෑ. ඇත්තටම මේක දේශප්‍රේමීත්වය නෙමෙයි... දේශපාලනය... මොකද දේශප්‍රේමීත්වය නම් මේ ගොල්ලන් අර කුරුණෑගල බුවනෙක මැදුර කඩපු දවසේත් මේ වගේම විරෝධයක් දක්වන්න තිබුණානේ... චීන්නුන්ට ඉඩම් දෙද්දීත් මේ විදිහට කෑ ගහන්න තිබුණා.. එදා එහෙම කළා නම් අද යුගදනව් බලාගාරයට මෙහෙම වෙන එකකුත් නොවෙන්න තිබුණා...
මැක්කන්ට ඉන්න සුදුසුම තැන බල්ලාගේ ඇඟේ ඉන්න එක. මැක්කන් ට ප්‍රශ්නයක් වෙනකොට බල්ලාගේ ඇඟ හයියෙන් විකනවා. බල්ල එතන කහනවා. මැක්කෝ කීප දෙනෙක් වැටෙනවා. ආයේ බල්ලාගේ ඇඟේ එල්ලෙනවා. මැක්කන්ට බල්ලගෙන් තොර ලෝකයක් නැත.
මේවලින් රටට ඇති ඵලය මොකක්ද
ජනතාවට බොරු කරන්න අවශ්‍ය නැහැ. තමන්ට විපක්ෂයට ගිහින් රජයේ කරන වැරදි පෙන්වා දෙන්න පුලුවනි. විපක්ෂයට ගිහින් රජයක් පහිටවන්න මන්ත්‍රි 113 සංඛ්‍යාවක් සිටිය යුතුයි.
සතියේ මාතෘකාව, රජයේ දේශපාලන නාට්‍යයේ නව කථාංගය
මේවා මාධ්‍ය සංදර්ශන ඇත්තටම මේගොල්ලො මේවාට විරුද්ධ නම් මේ මේගොල්ලන්ගෙ හඩට ආන්ඩුව ඇහුම්කන් දෙන්නෙත් නැත්නම් ඇත්තටම රටට ආදරයක් ඇත්නම් එදා ගාමිණී ජයසූරිය ,ඇම්.ඩී.එච්..ජයවර්ධන මහත්වරු කලා වගේ ප්‍රසිද්ධියේ විවේචනය කරලා ඉල්ලා අස්විය යුතුය.
මෙයාල හැමෝම ගැන ජනතාව කළකිරීමෙන් ඉන්නේ.
කොහොමත් මම කියන්නේ මේ හැමෝටම ඕන මහින්දව නැවත බලයට ගෙන්න.
කලකිරීමක් එන්න මොකක්ද ආණ්ඩුව කරපු වැරැද්ද.?
හවුල්කාර පක්ෂ තවදුරටත් පාර්ලිමේන්තුවේ ඉන්නේ කොහොමද කියල ඒකට ගැටයක් ගහගන්න බලන්නේ නැත්නම් මේ තරම් ජනතාවට ජෙවන බර උසුලන්නා බැරි කාලයක් ඉතිහාසයේම මේ රටේ තිබිලා නැ, වචනයක්වත් ඒ ගැන කතා කරනවද?
මෙතන කල කිරෙන දෙයක් නෑ ,දේශපාලනය ගැන දන්නේ අගමැති තුමා .එතුමා කිව්ව නිසයි කට්ටිය සපෝර්ට් කලේ