(අජන්ත කුමාර අගලකඩ)
ඇමතිධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ පක්ෂ ඇතුළුව, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකතුව කොළඹ දී ජනරැලියක් පැවැත්වීමට එම පක්ෂ සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ .
එය මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනවාරි මස ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසුව "මහින්ද සුළඟ " නමින් නුගේගොඩ දී පැවැත්වූ රැස්වීම ආකාරයෙන් එම ස්ථානයේදීම පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් ඉකුත්දා පැවති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ .
එම රැස්වීම මේ මස අග දී පමණ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පැවසේ .
මේ අතර ,හවුල්කාර පක්ෂ එක්ව රට පුරා දිස්ත්‍රික් මට්ටමින් රැස්වී මාලාවක් පැවැත්වීමටද තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌරන් කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල්ලු. මේ ගොල්ලන් රැලි පවත්වනවිට ජෙප්පන්ට, සජබයින්ට රජ මගුල්... සුපුරුදු පරිදී රැවුල වවලා සිවුරු දාගත්තු ජෙප්පෝත් ඒවී රැළියට සපෝට් එකට...
මේ හදන්නේ ඒ ගොල්ලන්ගේ තරම කොපමණද කියා බලාගන්න... මොකද ඡන්දයක් ඉල්ලන්න නොවෙයිනේ... මේ වෙලාවේ ඔයගොල්ලන්ට සපෝට් එකට මිනිස්සු ඒවි...!
නැවතත් 2024 ජනාධිපතිවරණ සටනට අවතිර්ණ වූ වගයි. මෙවර ඔක්කොම කුණු බෙංගාල බොක්ක නොහොත් බැසිල් නැමති විදේශ ආක්‍රමණය පරාජය කොට නැවතත් ගෝඨාභය ජනාධිපති කිරීමයි. මේවා මොල නෙමෙයි මොල ගෙනාපු නැව්...
වීරවංශට දේශපාලනය පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා...
ජනතාව ගොනාට අන්දගෙන නටපල්ලා... අන්තිමේ ඇන්දෙනවා... බලන් හිටපල්ලා...
විමල් ඩබල් ගේම් ගහන්නේ.. මෙයාට රාජපක්ෂලා හැර වෙන විකල්පයක් නෑ. ජනතාව පරිස්සම් වෙන්න. මෙයාට රැවටෙන්න එපා.